Posts

Showing posts with the label Global Trend

සිරියානු යුද්ධය

සිරි­යානු පඹ­ගාලේ පැටලුණු අමෙ­රි­කාව හා රුසි­යාව ඊජිප්තුව නොමැතිව මැද පෙරදිග යුද්ධයක් ඇරැඹිය නොහැක්කා සේම සිරියාව නොමැතිව මැදපෙරදිග ස්ථිර සාමයක් උදාකළ නොහැකි බව හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයකු හා අන්තර්ජාතික සබදතා පිළිබද ජගත් විද්වතකුද වන හෙන්රි කිසිංජර් වරෙක පවසා තිබේ. මැදපෙරදිග හෙවත් අරාබි ලෝකයේ අද වනවිට සාමය යන්න සිහිනයක් වි ඇත්තේ මුලික වශයෙන්ම සිරියානු යුද්ධය මුල්කරගෙනයි. වසර 6 කදී හාරලක්ෂයකට අධික ජනතාව මියගිය මෑත කාලීන එකම යුද්ධය සිරියානු යුද්ධයයි. ඊජිප්තුව නොමැතිව මැද පෙරදිග යුද්ධයක් ඇරැඹිය නොහැක්කා සේම සිරියාව නොමැතිව මැදපෙරදිග ස්ථිර සාමයක් උදාකළ නොහැකි බව හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයකු හා අන්තර්ජාතික සබදතා පිළිබද ජගත් විද්වතකුද වන හෙන්රි කිසිංජර් වරෙක පවසා තිබේ. මැදපෙරදිග හෙවත් අරාබි ලෝකයේ අද වනවිට සාමය යන්න සිහිනයක් වි ඇත්තේ මුලික වශයෙන්ම සිරියානු යුද්ධය මුල්කරගෙනයි. වසර 6 කදී හාරලක්ෂයකට අධික ජනතාව මියගිය මෑත කාලීන එකම යුද්ධය සිරියානු යුද්ධයයි. සාමය සෙවීමේ දුෂ්කර වෑයමට රුසියාව අත තබා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ආශිර්වාදය ඇතිවය. ...

ඊශ්‍රායෙල් - පලස්තීන අර්බුදය

මාධ්‍යයට වසන් වූ පලස්තීන අර්බුදයේ අනෙක් පැත්ත ඊශ්‍රායෙල් හමුදාව අත්අඩංගුවට පත්වන පලස්තිනුවන්ට වධ හිංසා පැමිණවීම් සාමාන්‍ය සාධාරණ සිද්ධියක් ලෙස සලකා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදා ඒවා වාර්තා නොකරන බව අල්-ජසීරාහි මාධ්‍යවේදිනී මේරියම් බාර්ගෞටි පෙන්වා දෙයි. ඒ පිළිබඳ උදාහරණ විශාල සංඛ්‍යාවක් ඇය ඉදිරිපත් කරන්නීය. පසුගිය දෙසැම්බර් 06 දා ඊශ්‍රායෙල් සොල්දාදුවන් විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ෆවුසි අල්-ජුනයිදි නම් සොළොස් හැවිරිදි පලස්තීන පිරිමි දරුවකු අල්ලා ගෙන දෑස් බැඳ තළමින් පෙළමින් ඇදගෙන යන ඡායාරූපයක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය. මෙය සිදු වූයේ ඊශ්‍රායලය බලෙන් අත්පත් කැර ගෙන සිටින බටහිර ඉවුරේ හෙබ්රොන් නගරයේදීය. එසේ කරන්නට හේතුව ළමයා ඊශ්‍රායෙල් හමුදාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම යැයි චෝදනා නැගිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෙරුසෙලම ඊශ්‍රායෙල් අගනුවර බව පිළිගන්නේ යැයි ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇති වූ කැරලිකාර අවස්ථාවේ මේ අත්අඩංගුවට ගැනීම සිදු විය.   ඡායාරූපය පළ වීමත් සමග එය සිව්දිග සංසරණය වූ අතර ඊශ්‍රායෙල් හමුදාව වෙත කෝපය සහ පිළිකුල පළ කෙරෙන දහස් ගණන්...

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව 2019 - කෙන්යාව

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව - කෙන්යාව කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ( 13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සමුළුවට එක් වෙයි. , පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් , යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත් වේ. එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙන අතර , හෙට දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය. ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතු ' ථ රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකු ද සමුළුවටසහභාගීවීමට නියමිතය. තිරසර ආහාර පද්ධති , ආහාර සුරක්ෂිතතාවය සහ ජෛව විවිධත්ව විනාශය වැළැක්වීම ඇතුළු දිළිදුභාවයට සහ ස්වභාවික සම්පත් කළමනාකරණයට අදාළ පරිසර අභියෝග , සම්පත්වල කාර්යක්ෂමතාව , බල ශක්තිය , රසායනික ද්‍රව්‍ය හා අපද්‍ර...

ලෝක විත්ති 1

Image
ඉන්දීය ගුවන් හමුදාවට අයත් , ප්‍රංශයේ නිෂ්පාදිත ‘ මිරාජ් 2000’ ප්‍රහාරක ජෙට් යානා 12 ක් , අද ( 26) අලුයම ගුවන්ගත වූයේ ඉතා රහසිගත මෙහෙයුමකට මුල පුරමිනි. පැයට කිලෝ මීටර් 2,000 කට වැඩි වේගයකින් ඇදී ගිය එම යානා මිනිත්තු කීපයක් ගත වෙද්දී , ඉන්දු කාශ්මීරයට ඉහළින් පියාසර කරන්න විය. තවත් තප්පර කීපයක් යද්දී , ඉන්දු කාශ්මීර දේශසීමාව පසු කරමින් ප්‍රහාරක යානා පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු විය. ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා මේ අයුරින් , පාකිස්තාන ගුවන් කලාපයට පිවිසුණේ වසර 48 කට එනම් , 1971 වසරෙන් පසුවය. ප්‍රහාරක නියමුවන් කණ්ඩායමට ලැබී තිබුණු උපදෙස් ඉතා පැහැදිලි විය. ඔවුන්ගේ ඉලක්කය වූයේ පාකිස්තානයේ බලාකොත් වනාන්තර ප්‍රදේශයේ පිහිටි කඳවුරකි. මෙම කඳවුර සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් පැහැදිලි වාර්තා රැසක් ලබා දී තිබුණි. මෙම කඳවුර ‘ ජායිෂ් ඊ මොහොමද් ’ ත්‍රස්ත කල්ලියේ පුහුණු කඳවුරක් විය. මීට සති දෙකකට පමණ පෙර , පසුගිය 14 වැනිදා , ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ එනම් ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්...