එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව 2019 - කෙන්යාව


එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව - කෙන්යාව
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සමුළුවට එක් වෙයි.
,පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත් වේ.
එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙන අතර, හෙට දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතු'ථ රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකු ද සමුළුවටසහභාගීවීමට නියමිතය.
තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාවය සහ ජෛව විවිධත්ව විනාශය වැළැක්වීම ඇතුළු දිළිදුභාවයට සහ ස්වභාවික සම්පත් කළමනාකරණයට අදාළ පරිසර අභියෝග, සම්පත්වල කාර්යක්ෂමතාව, බල ශක්තිය, රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජීවන චක්‍ර ප්‍රවේශයන් සහ සීග්‍ර තාක්ෂණික වෙනස්වීම්වලට භාජනය වන අවධියක නවෝත්පාදක තිරසර ව්‍යාපාර
සංවර්ධනය පිළිබඳව මෙවර සමු'ථවේ දී අවධානය යොමු කෙරේ.
සිය සිවු දින කෙන්යා නිල සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටාමහතා ද හමුවීමට නියමිත ය.
1970 වසරේ දී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවාගත් ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත්‍රශිලි සබඳතාවයකි. දෙරට ම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල් වෙයි.
කෙන්යාව ශ්‍රී ලංකාවෙහි විශේෂිත වෙළඳ සහකරුවෙකු නොවන නමුත් අන්‍යෙන්‍ය ප්‍රතිලාභය උදෙසා,භාවිතා නොකළ ආර්ථික විභවයන් ගවේෂණය කිරීම පිළිබඳව දෙරටම උනන්දුවක් දක්වමින් සිටී. මේ වන විට ශ්‍රී ලාංකිකයෝ කෙන්යාවේ ප්‍රධාන වශයෙන්, ඇඟලුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත්‍රවල පුහුණු රැකියාවල යෙදෙති.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සමුළුවට එක් වෙයි.
පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන තේමාව යටතේ මාර්තු 11 වැනිදා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය මාර්තු 15 වැනිදා දක්වා නයිරෝබි නුවරදී පැවැත්වේ. එහි ඉහළ මට්ටමේ ප‍්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙන අතර, හෙට දහවල්  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය. ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මහතා ඇතුළු රාජ්‍ය තාන්ති‍්‍රකයෝ කිහිප දෙනෙකුද සමුළුවට සහභාගීවීමට නියමිතය.
තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාවය සහ ජෛව විවිධත්ව විනාශය වැළැක්වීම ඇතුළු දිළිඳුභාවයට සහ ස්වභාවික සම්පත් කළමනාකරණයට අදාළ පරිසර අභියෝග, සම්පත්වල කාර්යක්ෂමතාව, බල ශක්තිය, රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජීවන චක‍්‍ර ප‍්‍රවේශයන් සහ සීග‍්‍ර තාක්ෂණික වෙනස්වීම්වලට භාජනය වන අවධියක නවෝත්පාදක තිරසර ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව මෙවර සමුළුවේදී අවධානය යොමු කෙරේ. සිය සිවු දින කෙන්යා නිල සංචාරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා හමුවීමට නියමිතය.
1970 වසරේදී නිල රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා පිහිටුවාගත් ශ‍්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත‍්‍රශිලි සබඳතාවයකි. දෙරටම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සාමාජික රටවල් වෙයි. කෙන්යාව ශ‍්‍රී ලංකාවෙහි විශේෂිත වෙළඳ සහකරුවෙකු නොවන නමුත් අන්‍යෙන්‍ය ප‍්‍රතිලාභය උදෙසා, භාවිතා නොකළ ආර්ථික විභවයන් ගවේෂණය කිරීම පිළිබඳව දෙරටම උනන්දුවක් දක්වමින් සිටී.  මේ වන විට ශ‍්‍රී ලාංකිකයෝ කෙන්යාවේ ප‍්‍රධාන වශයෙන්, ඇඟලුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත‍්‍රවල පුහුණු රැකියාවල යෙදෙති.

ජී. සුසන්ත කුමාර

Comments

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු