35 සැබෑවක් වීමට නම්
'35' සැබෑවක් වීමට නම්... ලබන වසරේ සිට පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කළ යුත්තේ සිසුන් 35 දෙනකු පමණක් බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණ. මේ අතර අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පවසා තිබුණේ අලුතින් පාසල් 25 ක් ආරම්භ කරන බවයි. මෙසේ අලුතින් පාසල් 25 ක් ඇරඹීමට ඇමැතිතුමා අදහස් කර ඇත්තේ දැනට රටේ ඇති පාසල් ප්‍රමාණය රටේ සිටින ශිෂ්‍ය ප්‍රමාණය සඳහා ප්‍රමාණවත් නැති නිසාද ? පළමු ශ්‍රේණියේ පංතියක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 35 දක්‌වා අඩු කළ විට ඉතිරි වන සිසුන්ට පහසුකම් ලබා දීමටද යන්න පැහැදිලි නැත. දැනට රටේ පාසල් දහ දාහකට ආසන්න ප්‍රමාණයක් තිබුණද ඉන් වැඩි ප්‍රමාණයක ශිෂ්‍ය සංඛ්‍යාව 50 ට අඩු හෝ 100 ට අඩු ඒවාය. එලෙස අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල්වලට තවදුරටත් සිසුන් ඇතුළත් කිරීමට පහසුකම් ඕනෑවටත් වටත් වඩා තිබේ. එසේ නම් කළ යුත්තේ අලුතින් තවත් පාසල් ඇති කිරීමද තිබෙන පාසල් වැඩි දියුණු කර ඒවාට තවදුරටත් සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කිරීමද යන්න සිත...