Posts

Showing posts with the label GK

ලෝක ජාත්‍යන්තර දින 70ක්

Image
ලෝක ආගමික දිනය :-  ජනවාරි 15 ජාත්‍යන්තර රේගු දිනය :-  ජනවාරි 26 ජගත් ලාදුරු දිනය :-  ජනවාරි 31 ජාත්‍යන්තර කාන්තා දිනය :-  මාර්තු 08 ලෝක ජල දිනය :-  මාර්තු 22 ලෝක නාට්‍ය දිනය :-  මාර්තු 27 ලෝක පොත් දිනය :-  අප්‍රේල් 23 ජගත් නිදහස් මාධ්‍ය දිනය :-  මැයි 03 ලෝක මව්වරුන්ගේ දිනය :-  මැයි මස දෙවන ඉරු දින ලෝක පවුල් දිනය :-  මැයි 15 අන්තර් ජාතික කෞතුකාගාර දිනය :-  මැයි 18 ලෝක පරිසර දිනය :-  ජුනි 05 ලෝක බාලදක්ෂ දිනය :-  පෙබරවාරි 22 ලෝක පාරිභෝගික දිනය :-  මාර්තු 15 ලෝක කාලගුණ දිනය :-  මාර්තු 23 ලෝක ළමා පොත් දිනය :-  අප්‍රේල් 02 ලෝක මිහිතල දිනය :-  අප්‍රේල් 22 ලෝක කම්කරු දිනය :-  මැයි 01 ලෝක රතු කුරුස දිනය :-  මැයි 08 ලෝක හෙද දිනය :-  මැයි 12 පළමු ලෝක යුද්ධය :-  1914 චීන මහා ප්‍රකාරය සෑදීම :-  ක්‍රි. පූ 214 ජගත් විදුලි සන්දේශ දිනය :-  මැයි 17 ලෝක සංස්කෘතික දිනය  :-  මැයි 21 ලෝක සාගර දිනය :-  ජුනි 08 ලෝක ජනග‍හන දිනය :-  ජූලි 11 ආදීවාසීන...

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්

Image
මව්පියන්  මාර්ක් සකර්බර්ග් උපත ලබන්නේ 1984 මැයි 14 වන දිනයේදීයි. ඔහුගේ පියා වන එඩ්වර්ඩ් සකර්බර්ග් දන්ත වෛද්‍යවරයෙකු වූ අතර, මව වන කැරන් සකර්බර්ග් මනෝ වෛද්‍යවරියකි. මාර්ක් කුඩා විදීම පියාගේ පහසුව වෙනුවෙන් නිර්මාණය කල Zucknet මාර්ක් සකර්බර්ග් තුල පරිඝනක ක්ෂේත්‍රය ගැන උනන්දුව ඇති වුනේ කුඩා අවධියේ ඉඳගෙනයි. ඔහු අවුරුදු 12 දී Zucknet නම් ජාලයක් සාදන ලදී. ඔහු එම ජාලය නිර්මාණය කලේ පියාට උපකාරයක් වශයෙනුයි. පියාව මුණ ගැසෙන්නට නව රෝගියෙක් පැමිණි විට පිළිගැනීමේ නිලධාරියා එය දැනුම් දිය යුතුව තිබුනේ කෑ ගසායි. මේ නව ජාලය නිසා ඒ බව ජාලය හරහා පහසුවෙන්ම දැනුම් දීමේ හැකියාව ලැබුණි. ඒ වගේම එමඟින් නිවසේ සාමාජිකයන්ට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාවත් ලැබිණි. පරිඝනක ක්‍රීඩා නිර්මාණය මාර්ක් සකර්බර්ග් කුඩා කාලයේදී සිටම පරිඝනක ක්‍රීඩා නිර්මාණය කරන්නට සමත් වී ඇත. ඔහුගේ මිතුරන්ට චිත්‍ර ඇඳීමේ මනා හැකියාවක් පැවතුනු අතර, ඔවුන් ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩාවේ ස්වභාවය චිත්‍රයට නඟා මාර්ක්ට ලබා දෙයි. ඉන් පසුව මාර්ක් විසින් පරිඝනක ක්‍රීඩා නිර්මාණය කර ඔවුන්ට ලබා දෙයි. හැකියා වර්ධනය කර ගැනීමට දෙමව...

අරාබි ලෝකයේ සතුරු රටවල් දෙකක කතාව

Image
ඉරානයේ ඉහළම ආගමික නායක අයතුල්ලා අලි කුමෙයිනි සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු දීර්ඝ කාලීන ප්‍රතිවාදීන් වන සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින උණුසුම මෑත දී යළි ඉහළ ගොස් ඇත. ඊට හේතුව කුමක්ද? සෞදි අරාබිය සහ ඉරානයට එක්ව ගමන් කළ නොහැක්කේ ඇයි? බලවත් අසල්වැසියන් වන සෞදි අරාබිය සහ ඉරානය කලාපයේ ආධිපත්‍ය පතුරුවාලීම සඳහා බල අරගලයක යෙදී සිටිති. දෙරට අතර පවතින ආරවුල දශක ගණනාවක් ඔබ්බට දිව යන අතර දෙරට අතර පවතින ආගමික වෙනස්කම් ඊට රුකුලක් වී තිබේ. සෞදි අරාබිය සහ ඉරානය ඉස්ලාම් ධර්මයේ පවතින මූලික නිකායන්හි අනුගාමිකයෝ වෙති. ඉරානයේ බහුතරය ෂියා මුස්ලිම් භක්තිකයන් වන අතර සෞදි අරාබිය විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ ප්‍රමුඛ පෙළ සුන්නි මුස්ලිම් රාජ්‍යයක් ලෙසය. සුන්නි/ෂියා මුස්ලිම් ව්‍යාප්තිය රාජ ආණ්ඩුවක් පවතින සෞදි අරාබිය ඉස්ලාම් ධර්මයේ තිඹිරි ගෙයයි. සෞදි අරාබිය විසින් තමන් හඳුන්වාගනු ලැබුවේ මුස්ලිම් ලෝකයේ නායකයා ලෙසය. කෙසේ නමුත් ආගමික රාජ්‍යයක් බවට පත්වෙමින් 1979 වසරේ සිදු වූ ඉරාන විප්ලවය සෞදි අරාබියේ එම මතයට අභියෝගයක් විය. ආගම සහ රාජ්‍යය එකක් වීමේ දර්ශනය සිය දේශසීමාවෙන් ඔබ්බට අපනයනය ක...

ඉදිරියට කුමක් සිදුවේද ?

Image
බාධක පසුකර ආර්ථිකය පෙරට ශ්‍රී ලංකාව 2018 ආදායම් වර්ෂයේදී සියට 3.2 ක ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇතැයි පසුගිය සතියේ නිකුත් වූ 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියයි. එසේම කෘෂිකාර්මික ක්ෂේත්‍රය සියයට 4.8 කින් වර්ධනය වූ බව ද එම වාර්තාව තවදුරටත් වාර්තා කරයි. මුදල් නීති පනතේ 35 වගන්තියේ (422 අධිකාරිය) විධිවිධාන ප්‍රකාරව සෑම මුදල් වර්ෂයක් අවසාන වී මාස හතරක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය, එම මුදල් වර්ෂය තුළ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ විවරණයක් සහ එම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතු වූ ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් අඩංගු වාර්ෂික වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම නීතිමය අවශ්‍යතාව සපුරමින් 2018 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හැටනවවැනි වාර්තාව මෙසේ මුදල් ඇමැතිවරයා වෙත බාරදීම ගිය සතියේ සිදුවිය. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතා වෙත 2018 මහ බැංකු වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ...