ලෝක විත්ති 1
ඉන්දීය ගුවන් හමුදාවට අයත්, ප්‍රංශයේ නිෂ්පාදිත ‘මිරාජ් 2000’ ප්‍රහාරක ජෙට් යානා 12 ක්, අද (26)
අලුයම
ගුවන්ගත වූයේ ඉතා රහසිගත මෙහෙයුමකට මුල පුරමිනි.
පැයට කිලෝ මීටර් 2,000 කට වැඩි වේගයකින් ඇදී ගිය එම යානා
මිනිත්තු කීපයක් ගත වෙද්දී, ඉන්දු
කාශ්මීරයට ඉහළින් පියාසර කරන්න විය. තවත් තප්පර කීපයක් යද්දී, ඉන්දු කාශ්මීර දේශසීමාව පසු කරමින් ප්‍රහාරක
යානා පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු විය. ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා
මේ අයුරින්, පාකිස්තාන
ගුවන් කලාපයට පිවිසුණේ වසර 48
කට එනම්, 1971
වසරෙන් පසුවය.
ප්‍රහාරක නියමුවන් කණ්ඩායමට ලැබී තිබුණු
උපදෙස් ඉතා පැහැදිලි විය. ඔවුන්ගේ ඉලක්කය වූයේ පාකිස්තානයේ බලාකොත් වනාන්තර ප්‍රදේශයේ
පිහිටි කඳවුරකි. මෙම කඳවුර සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් පැහැදිලි
වාර්තා රැසක් ලබා දී තිබුණි. මෙම කඳවුර ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලියේ පුහුණු කඳවුරක් විය.
මීට සති දෙකකට පමණ පෙර, පසුගිය 14 වැනිදා, ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ එනම් ජම්මු කාශ්මීරයේ
පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන
බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මෝටර් රථයකින් පැමිණි බෝම්බකරුගේ ඉලක්කය වූයේ ඉන්දීය
දේශසිමා මුර භටයන් සහ පොලිස් නිලධාරීන් ගමන් කරන්න වූ බස් රථ සහ ලොරි රථ පෙළකි.

මරාගෙන මැරෙන එම බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය
ආරක්ෂක අංශ සාමාජිකයෝ 46
ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර
ගනිමින් ජම්මු කාශ්මීරයේ සිදුවුණු දරුණුතම ප්‍රහාරය වූයේ මෙයයි. පුල්වාමා ප්‍රහාරයේ
වගකීම බාර ගත්තේ ‘ජායිෂ්
ඊ මොහොමද්’ ඉස්ලාමීය
බෙදුම්වාදී ත්‍රස්ත කල්ලියයි. ‘ජායිෂ්
ඊ මොහොමද්’ යන්නෙහි
අර්ථය ‘දෙවියන්ගේ
හමුදාව’ යන්නය.
මෙම ඉස්ලාමීය ත්‍රස්තයන්ට පාකිස්තාන රජයේත්, එරට අයි.එස්.අයි. බුද්ධි අංශයේත් සහාය සහ අනුග්‍රහය
නොඅඩුව හිමිවන බව ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාව ද චෝදනා කරයි.
අද (26) අලුයම 3.30
වෙද්දී, ‘මිරාජ්
2000’ ප්‍රහාරක
ජෙට් යානා ඔවුන්ගේ ඉලක්ක වෙත ළං වී තිබුණි. කිලෝ ග්‍රෑම් 1,000 ක් බරැති බෝම්බ එකපිට එක ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරට පතිත විය.
සිදුවන්නේ කුමක්දැයි පුහුණු කඳවුරේ සිටි පිරිස් දැනගන්නටත් පෙර එය සිදුවී හමාර
විය. ප්‍රහාරයට ගත වූයේ තත්පර 90
කි. වහා ආපසු හැරුණු ප්‍රහාරක යානා විදුලි වේගයෙන් යළි ඉන්දියාව බලා පැමිණියේය.
ප්‍රහාරය එල්ල වූයේ ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්තයන්ගේ විශාලතම පුහුණු කඳවුරට බවත්
ප්‍රහාරයෙන් ත්‍රස්ත සාමාජිකයන් 300
කට ආසන්න පිරිසක් මියගිය බවත් ඉන්දීය විදේශ අමත්‍යාංශ ලේකම් විජේ ගෝකාල් මාධ්‍ය
හමුවේ පැවැසුවේය.
‘ඉන්දීය
හමුදා කළ මෙම ප්‍රහාරය හමුදාමය ප්‍රහාරයක් නොවේ. ‘ජායිෂ් ඊ මොහොමද්’ කඳවුරේ ත්‍රස්තයන් ඉන්දියාවට එරෙහිව තවත් මරාගෙන මැරෙන
ප්‍රහාර සැලැසුම් කරමින් සිටියා. ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත සාමාජිකයන් ඔවුන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට
පුහුණුව ලබා දුන්නේ මෙම ස්ථානයේ. ඒ බව දැන් තහවුරු වී අවසන්. ජායිෂ් ඊ මොහොමද් ත්‍රස්තවාදීන්
තවත් ප්‍රහාරයක් සිදු කරන්න කලින් අප ඔවුන්ට පහර දීමක් කළා’ යැයි ඉන්දීය විදේශ අමත්‍යාංශ ලේකම් විජේ
ගෝකාල් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කියා සිටියේය.

‘ජායිෂ්
ඊ මොහොමද්’ ත්‍රස්ත
කල්ලියේ නායකයා යූසොෆ් අසාර්ය. ඔහුගේ සොහොයුරකු වන මුල්ලානා යූසොෆ් අසාර් මෙම
පුහුණු කඳවුර මෙහෙය වූ බවත්,
තම
ගුවන් හමුදා ප්‍රහාරයෙන් ඔහු මිය යන්න ඇති බවත් ඉන්දියාව වැඩි දුරටත් කියා
සිටියේය.
ප්‍රහාරයට ලක් වුණු ත්‍රස්ත පුහුණු කඳවුර
පිහිටි බලාකොට් වනාන්තරය ඇත්තේ පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සිට කිලෝ මීටර් 80 ක් දුරින්, ඉන්දු පාකිස්තාන දේශසීමාවේය. ඇබොට්ටාබාද් නගරය අප කාටත්
නුහුරු තැනක් නොවෙයි. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්, වසර ගණනක් සැඟවී ජීවත් වූයේ ඇබොට්ටාබාද්
නුවර, පාකිස්තාන
හමුදා මූලස්ථානයකට නුදුරින් මහල් නිවසකය.
බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධුරය
හොබවද්දී, 2011
වසරේ ඇමෙරිකන් නේවි සීල් භටයෝ ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි නිලධාරීන් ලබා දුන්
තොරතුරු අනුව ක්‍රියාත්මක වෙමින්,
මහ
රෑ ඇෆ්ගන් දේශසීමා හරහා හෙලිකොප්ටර් යානා දෙකකින් පැමිණ එම මහල් නිවසට කඩා වැදී
බින් ලාඞ්න් මරා සිරුර රැගෙන ගියහ. ඇමෙරිකාව එම ‘වික්‍රමය’ කළේ පාකිස්තාන රජය හෝ බුද්ධි අංශ හෝ දැනුවත් නොකරය.

ඇමෙරිකාව සහ එවකට පැවැති පාකිස්තාන රජය
අතර සබඳතා මෙම රහස් මෙහෙයුමෙන් පසු පළුඳු විය. ඇමෙරිකාව පැවැසුවේ, එම මෙහෙයුම ගැන කල්තියා පාකිස්තාන රජයට හෝ
එරට අයි.එස්.අයි. බුද්ධි අංශයට හෝ දැනුම් දීමක් කළේ නම්, මෙහෙයුම අසාර්ථක වීමටත්, අල් කයිඩා නායකයා පලා යෑමටත් ඉඩ තිබුණු
බවය. බින් ලාඞ්න්, ඇබොට්ටාබාද්
නිවසේ සැඟවී ජීවත් වන බව තමන් දැන නොසිටි බව පාකිස්තාන රජය තරයේ කියා සිටී.
ට්‍රම්ප්
- කිම් හමුවෙති

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ
උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව අද (27) සවස පැවැත්විණි.
නායකයන් දෙදෙනා එකිනෙකා උණුසුම් අයුරින්
පිළිගෙන ආ ගිය තොරතුරු කතාබහ කළේ වියට්නාමයේ හැනොයි අගනුවර තරු පහේ මෙට්‍රෝපෝල්
හෝටලයේය.
ආ ගිය තොරතුරු කතා කිරීමෙන් විනාඩි 20 කට පසු නායකයෝ දෙදෙනා රාත්‍රී භෝජන සංග්‍රහයට
සහභාගී වූහ. මෙට්‍රෝපෝල් හෝටලයට පළමුවෙන් පැමිණියේ ඇමෙරිකා ජනාධිපතිවරයාය. ආරක්ෂක
අංශ නිලධාරීන් ද පිරිවරා ගනිමින් උතුරු කොරියා නායකයා පැමිණියේ පසුවය.
තමා සහ කිම් ජොන් උන් අතර පැවැති පළමු
හමුව සාර්ථක වූ බවත්, තමා
සහ කිම් ජොන් උන් අතරේ විශේෂ මිත්‍රත්වයක් වර්ධනය වූ බවත් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ
කියා සිටියේය. පළමු හමුව මෙන් නොව, මෙම දෙවැනි හමුව ඊටත් වඩා සාර්ථක වේවි යැයි තම විශ්වාසය
බව ජනපති ට්‍රම්ප් පෙන්වා දුන්නේය. ට්‍රම්ප් සහ කිම් අතරේ සාකච්ඡා හෙට (28) පැවැත්වෙයි.
ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ හමුව
වෙනුවෙන්, මෙට්‍රෝපෝල්
හෝටලයට පමණක් නොව, හැනොයි
අගනුවර ද විශේෂ ආරක්ෂාවක් යෙදවා තිබේ. වියට්නාම හමුදාවේත් පොලිසියේත් විශේෂ බළඇණි
කිහිපයක් ආරක්ෂාවට යොදවා ඇති බව පැවැසෙයි. මාර්ග රැසක් වසා දමා තිබුණු අතර නගරයට
ඉහළ ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක් ලෙස නම් කර තිබුණි.
භෝජන සංග්‍රහයට ජනපති ට්‍රම්ප්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, ඇමෙරිකා ජනපති මාණ්ඩලික ප්‍රධානී මයික් මුල්වානී
සහ භාෂා පරිවර්තක ලී යුන් හයංග්,
උතුරු
කොරියා නායක කිම් ජොන් උන්, කොරියා
කම්කරු පක්ෂ සභාපති කිම් යොංග් චෝල්, උතුරු කොරියා විදේශ ඇමැති රී යොංග් හෝ සහ භාෂා පරිවර්තක
සිං යේ යොං භෝජන සංග්‍රහයට එක් වූහ.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියා නායකයා හමුවී අතට අත දෙමින්
ඔහු පිළිගත්තේ තමාගේ ‘හොඳම
මිතුරා’ කිම්
ජොන් උන් බව පවසමිනි. ජනපති ට්‍රම්ප් සහ කිම් ජොන් උන් පළමුවරට එකිනෙකා හමුවූයේ
පසුගිය වසරේ ජූනි 6
වැනිදාය. එම හමුව පැවැත්වූයේ සිංගප්පූරුවේදීය. උතුරු කොරියා නායකයා සහ ඇමෙරිකන්
ජනාධිපති අතර එම ඓතිහාසික හමුව සිදුවීමට මඟ පෑදුවේ, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ මැදිහත් වීමෙන් සහ
චීන ජනාධිපති ෂී ජින් පින්ගේ අනුග්‍රහයෙනි.
ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ දෙවැනි
සමුළුව වෙනුවෙන් වියට්නාමය සහ හැනොයි අගනුවර තෝරා ගැනීම සිදුවූයේ වියට්නාමය
ඇමෙරිකාව සමඟත් උතුරු කොරියාව සමඟත් යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන බැවිනි.
වියට්නාමය ද උතුරු කොරියාව සේම කොමියුනිස්ට් රාජ්‍යයකි.
ඇමෙරිකා යුද්ධයෙන් පසු, වියට්නාමය කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස
ලෝකයට විවෘත විය. ඒ, නව
ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමිනි. වියට්නාමය පෞද්ගලික අංශයට ද අවස්ථාවක් ලබා දෙමින්
ලෝකය සමඟ ආයෝජන ඇති කර ගත්තේය.
එහි ප්‍රතිඵලයක් ලෙස 1994 දී ඇමෙරිකා ජනාධිපති බිල් ක්ලින්ටන්
ඇමෙරිකාව විසින් වියට්නාමයට පනවා තිබූ සම්බාධක ලිහිල් කළේය. වියට්නාමය අද දියුණු
මෙන්ම ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන රටක් බවට පත් වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට පවසා
ඇත්තේ උතුරු කොරියාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම් රැසක් ඇති බවය.
උතුරු කොරියාව, ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු මුළුමනින්ම
නවත්වා, න්‍යෂ්ටික
අවිහරණයක් කරන්නේ නම්, උතුරු
කොරියාවට ආසියාවේ ආර්ථික බලවතකු වීමට හැකියාව ඇති බව ද ජනපති ට්‍රම්ප් උතුරු
කොරියා නායක කිම් ජොන් උන්ට පෙන්වා දුන්නේය.
හැනොයිහිදීය (රොයිටර්ස්)
G Susantha Kumara - 0775633818
Comments
Post a Comment