ආර්ථික ස්ථාවරත්වය
ආර්ථික ස්ථාවරත්වය සඳහා ණය හා තැන්පතු පොලී අනුපාත පහළට වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සහ එක් දින පොලී අනුපාතික අඩු කිරීම සඳහා රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක්ම ගෙන තිබේ. එහෙත් බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ජනතාවට අවශ්‍ය මුදල් මුදා හැරීමේදී අධික පොලී අනුපාතයන් ඒ සදහා අය කරන බවත් , ඊට සාපේක්ෂව සිය බැංකු හා මූල්‍ය ආයතනයන්හී සිය ගනුදෙනුකරුවන් විසින් පවත්වා ගෙන යනු ලබන ඉතුරුම් තැන්පතු සඳහා ඉතා ඉහළ පොලී අනුපාත ලබා දෙන බවත් පසුගිය කාලය පුරා දකින්නට ලැබුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ තත්ත්වය පිළිබදව දැඩි ලෙස සැලකිළිමත්ව ඒ පිළිබදව අවධානය යොමු කළ අතර එහි ප්‍රතිඵල ලෙස මනා ලෙස පාලනය කරන ලද උද්ධමනයක් හා උද්ධමන අපේක්ෂාවක් පවත්වා ගෙන යනු ලබන වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවේ මූර්ත පොලී අනුපාත කලාපයේ අනෙකුත් ආර්ථිකයන් හා සැසඳීමේ දී අධිකව පවතින බව නිරීක්ෂණයට ලක් විය. බැංකු පොලී අනුපාත සම්බන්ධ මෙවැනි වාතාවරණයක් පවතිද්දී ණය මුදල් සඳහා අය කෙරෙන අධික බැංකු පොලී අනුපාතයන් හේතුවෙන් සුඵ හා මධ්‍ය පර...