IQ Tute1



බුද්ධි පරීක්ෂණය - 01    G. Susantha Kumara

  01. දැනට අවුරුදු 10 කට පෙර , මාධවගේ වයස , ප්‍රමෝදගේ වයස මෙන් දෙගුණයක් විය. තවත් 
       අවුරුදු 10 කට පසුව මාධවගේ වයස අවුරුදු 40 ක් වේ. එසේ නම් ප්‍රමෝදගේ දැන් වයස කීයද,
    
  02. සිසුන් පේලියක වම් අත සිට 16 වෙනියා කමල් වේ. නිමල් පේලියෙහි දකුණු අත සිට 18  
       වෙනියා වේ. අමල්ගේ දකුණු අත දෙසින් 11 වැනියා වන්නේ ගගණ වේ. තවද ගගණ අමල්ගේ  
       දකුණු අත පැත්තේ තෙවනියාද වේ. ඒ අනුව සිසුන් කී දෙනෙකු පේලියේ සිටීද?

  03. පියෙකුගේ වයස , ඔහුගේ පුතාගේ වයස මෙන් එකොලොස් ගුණයකි. වසර 03 ට පසු පියාගේ 
        වයස පුතාගේ වයස මෙන් හය ගුනයක් වේ.  ඒ අනුව පියාගේ අද වයස කීයද?

  04.  A , B , C , D  සහ A පොත් පහ මේසයක් මත තබයි. A , E  ට යටින්ද , C , D  ට ඉහලින්ද ,  
         B , A යටින් සහ  D ,  E ට ඉහලින් ඇතිනම්, පහත පොත් වලින් කුමන ඒවා මේසය ස්පර්ශ  
        කරන්නේද?
                   I.            C               ii.       B                     iii.      A                     iv.       E
       
       ටෙක්සාස් සහ චිකාගෝ නගර දෙක අතර දුර කි.මී. 520 කි. පෙ.ව. 8.00 ට ආනන්ද ටෙක්සාස්   
       නගරයෙන් පිටත්ව චිකාගෝ නගරය දෙසටද , පෙ.ව. 9.00 ට  බාලන් චිකාගෝ නගරයෙන්  
       පිටත්ව ටෙක්සාස් දෙසටද පාපැදි මගින් ගමන් කරයි. දෙදෙනාගේ වේගයන් පිලිවෙලින් පැ. කි.මී
       40 සහ පැ.කි.මී. 56 ක් වී නම්, අංක 05 සිට 09 දක්වා ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.

  05.  පෙ.ව . 11.00 ට ආනන්ද සහ බාලන් අතර දුර කිලෝ මීටර් කීයද ?

  06. පෙ.ව. 11.30 ට ආනන්ද ඉන්නේ චිකාගෝ නගරයට කි.මී. කොපමන දුරින්ද?

  07.  ආනන්ද සහ බාලන් මුණගැසෙන්නේ කීයටද ?

  08. ආනන්ද සහ බාලන් මුන ගැසී පැය 1 මිනිත්තු 30 ට පසු ඔවුන් දෙදෙනා අතර දුර කොපමණද?

  09. මුල් වරට ආනන්ද සහ බාලන් අතර දුර කි.මී. 192 වන්නේ කුමන වේලාවටද ?

  10. වාහනයක ඉදිරිපස රෝදයේ පරිධිය මීටර් 06 කි. පසු පස රෝදයේ පරිධිය මීටර් 08 කි.  
        වාහනයෙහි ඉදිරිපස රෝදය පසු පස රෝදයට වඩා 12 වතාවක් කරකැවිනි නම් , වාහනය ගමන්         කල දුර සොයන්න.

        ප්‍රශ්ණ අංක 11 සිට 13 දක්වා ප්‍රශ්ණ සදහා පහත තොරතුරු පදනම් කර ගන්න.

       ගැලුම් 300 ක ධාරිතාවක් ඇති ටැංකියකට එක් නළයකින් මිනිත්තුවට  ලීටර් 40 ක් ජලය ගලා  
       එයි. ටැංකිය හිස් කරන නළයෙන් මිනිත්තුවට ලීටර 60 ක් ජලය ඉවත් වේ. ගැලුමක් ලීටර 10 ක්  
       වෙයි නම් ,

 11.  ටැංකිය හිස්ව තිබියදී ජලය පිටවන නළය වසා ජලය එන නළය විවෘත කලේ නම්.
        ටැංකියෙන් 1/5 න් පිරීමට ගතවන කාලය මිනිත්තු කීයද ?

 12. ටැංකිය පිරී ඇති විට නළ දෙකම සම්පූර්ණයෙන්ම විවෘත කලොත් ටැංකිය හිස් වීමට ගතවන 
       කාලය පැය කීයද ?

 13. ටැංකිය පිරී ඇති විට නළ දෙකම විවෘතව මිනිත්තු 20 ක් තබා ඉන් පසුව ජලය පිටවන නළය  
       වැසුවේ නම් ටැංකිය නැවත පිරිමට තව මිනිත්තු කීයක් ගතවේද?

 14.  නීලගිරි දුම්රිය , මාතර සිට අනුරාධපුරය දක්වා පැ.කී.මී. 75 ක වේගයෙන් ධාවනය කරයි. ආපහු 
      ගමනේදී  පැ.කී.මී. 60 ක වේගයෙන් ගමන් කරන්නේ නම් , සමස්ථ ගමන පුරාවටම සාමාන්‍ය 
      වේගය කීයද?

15. දුම්රියක් මරදාන සිට නුවර දක්වා පැ.සැ.75 ක වේගයෙන් ධාවනය කරයි. ආපසු ගමනේදී එහි 
     වේගය පැ. සැ. 87 ක් වන අතර, ආපසු ගමනට වඩා , මුල් ගමනට මි. 32 ක් ගන්නේ නම්,
     ගමනාන්ත අතර දුර කොපමනද ?
16. දුම්රියක් පලමු කී.මී.16 , පැ.කී.මී.20 ක වේගයෙන්ද, තවත් කි.මී.20 ක් පැ.කි.මී. 40 ක 
      වේගයෙන්ද, අවසාන කි.මී. 10 , පැ.කි.මී. 15 ක වේගයෙන්ද ගමන් කරයි. සමස්ථ ගමන  
      පුරාවටම සාමාන්‍ය වේගය සොයන්න.

17. රියදුරෙකු තම බස් රථය මාතර සිට දෙහිවල දක්වා කි.මී. 150 ක් පැය 03 .මිනි. 20 කදී ධාවනය 
      කරන අතර, අපසු මාතරට පැමිණීමට පැය 04. මි. 10 ක් ගනී. මාතර සිට දෙහිවල දක්වා සාමාන්‍ය 
      වේගය , සම්පූර්ණ ගමනෙහි සාමාන්‍ය වේගයට වඩා කොපමන වැඩි වේද?

18. ජයන්ති ඇගේ උද්‍යානය සදහා ගස් 10 ක් මිලදී ගන්නා ලදී. එක් එක් පේලියෙහි ගස් 04 ක්
      වනසේ  පේලි 05 ට මෙම ගස් සිටුවිය හැක්කේ කෙසේද?

19. ගොළුබෙල්ලෙකු මීටර් 20 ක් ගැඹුරු වලක පතුලේ සිටී. සෑම දිනකම ගොළුබෙල්ලා මීටර් 05 ක්
       ඉහලට ගමන් කරන අතර, රාත්‍රී කාලයේදී මීටර් 04 ක් ආපස්සට ලිස්සයි. ගොළුබෙල්ලාට           
       වලෙහි මුදුනට ලගාවීමට කොපමන දින ගනනක් ගත වේද?

20.රැස්වීමක් සදහා ගමන් කරන නිලධාරියෙක් ,වාහනය පැ.කි.මී. 40 ක වේගයෙන් ගියහොත් මි. 30  
     ක්  ප්‍රමාද අතර , පැ.කි.මී. 60 ක වේගයෙන් ගියහොත් මි. 30 ක් වේලාසන ගිය හැක. හරියටම  
     පෙ.ව.  9.00  ට රැස්වීමට යාමට කොපමණ වේගයෙන් ගමන් කල යුතුද?

21. ගෝලාකාර කළ 2 ක් ඇති අතර , විශාල කළයේ විෂ්කම්භය කුඩා කළයෙහි විශ්කම්භය මෙන් 
     දෙගුණයකි. කුඩා කළයෙන් විශාල කළය කොපමණ ගුණාකාරයකින් පිරවීය යුතුද ?

22. සෘජුකෝනාස්‍රාකාර උද්‍යායනයක දිග සහ පළල අතර අනුපාතය 3 : 2 කි. මිනිසෙකු පැයට  
     කි.මී. 12 ක වේගයෙන් උද්‍යානයේ මායිම් ඔස්සේ බයිසිකලයක් පදින අතර, එක් රවුමක් 
     සම්පූර්ණ කිරිමට මිනිත්තු 8 ක් යයි නම්, එහි වර්ග ඵලය කීයද ? 
     15,360 , 153600 , 30720 , 307200

23.සිහිනලන්තයේ ජනගහණය , දශකයකදී 175,000 සිට 262, 500 දක්වා වැඩීවී ඇත. වසරක 
     ජනගහණයේ වැඩිවීමේ ප්‍රතිශතය කීයද?

24.තරගකරුවන් තිදෙනෙකු ප්‍රාදේශීය සභාවකට තරග කරන ලද අතර, පිළිවෙලින් 1136 ,  7636 ,  
     සහ  11628 ඡන්ද ප්‍රමානයක් ලැබුනි. මුළු ඡන්ද වලින් කිසියම් ප්‍රතිශතයක් ජයග්‍රාහි 
     අපේක්ෂකයා ලබාගත්තේද?

25. බලලෙකු ඉනිමගෙහි නැගීමට උත්සාහ දරයි. සෑම වේලාවකදීම පියවර 04 ක් නගින නමුත් 
     එක් පියවරක් ආපස්සට වැටේ. කිසියම් කාලයකදී පියවර 09 ක් ඉහලට ලගාවී ඇත්නම් , 
     සත්‍ය වශයෙන්ම පියවර කීයක් නැග ඇත්ද ?

26. එක්තරා ළමයින් දෙදෙනෙකු නිතරම වෙන්වී සිටින පරිදි ළමයින් 10 දෙනෙකු පේළියක සිටුවිය 
      හැකි ආකාර ගණන කීයද?

27.මිනිසුන් 07 ක් සහ ගැහැණුන් 10 ට කිසියම් වැඩක් දින 13 දී සම්පූර්ණ කල හැක. මිනිසුන් 05 ක් 
      සහ ගැහැණුන් 14 ට එම කාර්යයම දින 15 දී කරයි. කාන්තාවන් 39 ට එය සම්පූර්ණ කිරීමට 
      ගතවන කාලය

28. 2006 මැයි 28 දින සතියේ කුමන දිනයක් වූයේද?

29. 1998 ජුනි 17 , සතියේ කුමන දවසක් වේද?

30. කමල්, නෙත්මිට කථා කොට මෙසේ කීවේය. ඔබගේ  මවගේ ස්වාමියාගේ සහෝදරිය මගේ    
      නැන්දායි. එසේනම් නෙත්මි කමල්ගේ කවුද?

31. WILPATHTHUWA යන වචනයේ අක්ෂර සියල්ලම ගෙන සෑදිය හැකි වෙනස් වචන ගණන 
     කීයද ?

32.සංඛ්‍යා දෙකක එකතුව 30කි.  අන්තරය 4 කි. සංඛ්‍යා දෙකෙහි ගුණිතය කීයද ?
33. මීටර් 110 ක් දිග දුම්රියක් , විරුද්ධ දිසාවෙන් පැමිණෙන මීටර් 90 ක් දිග තවත් දුම්රියක් පසු 
     කිරීමට තත්. 10 ක් ගනී. පලමු දුම්රියේ වේගය පැ.කි.මී. 20 නම්, දෙවන දුම්රියේ වේගය 
     කොපමනද?

34. මී. 140 ක් දිග දුම්රියක් තත්. 7 දී සංඥා කණුවක් පසුකර යයි. දුම්රියේ වේගය පැ.කී. කීයද?

35. මීටර 180 දිග දුම්රියක් , පැ.කී. 90 ක වේගයෙන් ගමන් කරයි. දුම්රිය සංඥා කණුවක් පසු කිරිමට 
      ගතවන කාලය තත්පර කීයද?

36. වෘත්තාකාර මල් පාත්තියක විෂ්කම්භය 50 % න් වැඩි කරන ලද්දේ නම් , මල් පාත්තියේ 
      වර්ගඵලය වැඩි වීමේ ප්‍රතිශතය කොපමණද? ( 50 , 100 , 125 , 225)

37. සෘජුකෝනාස්‍රයක දිග සහ පළල අතර වෙනස මීටර් 23 කි. පරිමිතිය මීටර් 206 ක් නම්, වර්ග  
       ඵලය  කොපමනද ?

38. මගේ අනුප්‍රාප්තිකයාගේ පියා , මාගේ පියාගේ පුතා වේ. මා හට කිසිදු සහෝදරයින් හෝ 
     පුතාලා නැත. මාගේ අනුප්‍රාප්තිකයා කවුද?

39. 0 , 1 , 2 , 3 , 4 යන සංඛ්‍යාංක අතරින් එකම සංඛ්‍යාංකය දෙවරක් නොසිටින සේ අංක ඕනෑම 
      ගණනක් යොදා ගනිමින් සෑදිය හැකි සංඛ්‍යා ගණන සොයන්න.

40.  ළමයින් 10 දෙනෙකුගෙන් යුත් පන්තියකින් ළමයින් 04 කින් යුත් කණ්ඩායමක් තෝරා ගත               හැකි ආකාර ගණන සොයන්න. තවද එම කණ්ඩායමට පන්ති නායකයා සෑම විටම ඇතුලත් විය 
       යුතු නම්  , කණ්ඩායම තේරිය හැකි ආකාර ගණන සොයන්න.

41. සිසුන් 8 න් , විදේශීය සංචාරයක් සදහා සිසුන් තිදෙනෙකු තේරිය හැක්කේ කෙසේද?

42.අමල්  , බාලාට  ට වඩා උසය , චමල් , අමල්ට ට වඩා උසය , දුමිදු චමල් ට වඩා උසය.  සමන්   
     සියල්ලටම වඩා උසය. මේ අනුව උසේ පිළිවෙළට මේ අය පේළියකට සිට ගන්නට සැලැස්වුව  
     හොත් මැදින්ම සිටින්නේ කවරෙක්ද ?
                                   I.            අජිත්                          II . බාලා                     III.  චමල්                   iv. දුමිදු
43. මාලන් කාන්තාවක් සමග සාප්පු සවාරියක යෙදී සිටී. අතර මග හමුවූ අමුත්තෙකුට එම කාන්තාව 
      මෙසේ පවසන ලදී. " මොහුගේ මව මගේ මවගේ එකම දුව "  එසේනම් , මාලක මෙම 
      කාන්තාවගේ
i.                   පුතා                ii.  පියා           iii.  සැමියා      iv.  මුනුපුරා ය
   රාණි , පමිලා , කුසලා , මයුරි හා සීතා යන පස්දෙනා පෝලිමක සිටිති. පමිලාට ඉදිරිපසින් මයුරිද ,  
   මයුරි , රාණිට පිටුපසින්ද සිටිති. මයුරි කුසලාට පිටුපසින් සිටි. සීතා පෝලිමේ අගින් නමුත් පමිලාට 
   ඉදිරියෙන් සිටි.

44.මුලින්ම සිටින්නේ කවුද ?              45. පෝලිමේ හරි මැද සිටින්නේ කවුද?
     ප්‍රශ්න අංක 46 සිට 50 දක්වා පහත රෑප සටහන භාවිතා කරන්න.

46 මෙම රෑපයේ සමචතුරස්‍ර කීයක් තිබේද?
47 මෙම රෑපයේ සෘජුකෝණාස්‍ර කීයද ?
48 මෙම රෑපයේ ත්‍රිකෝණ කීයක් තිබේද?
49.ත්‍රිකෝණ යුගලයකින් සෑදුන සමචතුරස්‍ර කීයද ?
50. සමාන කොටස් දෙකකින් සෑදුන ජ්‍යාමිතික රෑප කීයක් තිබේද ?

51.රැස්වීමක් සදහා ගමන් කරන නිලධාරියෙක් ,වාහනය පැ.කි.මී. 40 ක වේගයෙන් ගියහොත් මි. 30  
     ක්  ප්‍රමාද අතර , පැ.කි.මී. 60 ක වේගයෙන් ගියහොත් මි. 30 ක් වේලාසන ගිය හැක. හරියටම   
     පෙ.ව.  9.00  ට රැස්වීමට යාමට කොපමණ වේගයෙන් ගමන් කල යුතුද?

52.නිවුන් සහෝදරයින් තිදෙනෙකු වන අතර , ඔවුන්ගේ පෙනුම සමානය , වැඩිමලා චමල් වන අතර , 
     ඔහු සෑම විටම සත්‍ය ප්‍රකාශ කරයි. දෙවැන්නා ජැක්සන් , සෑම විටම අසත්‍ය පවසයි. තෙවැන්නා 
     පර්සි , සත්‍ය හෝ අසත්‍ය යන දෙකින් එකක් පවසයි. කුමාර එක් දිනක ඔවුන් හමුවීමට යන ලදී. 
     ඔවුන් හදුනා ගැනිම සදහා , එක් එක් අයගෙන් ප්‍රශ්න අසන ලදී. ඔහු වම් පස සිටින්නාගෙන්  මැද 
     සිටින පුද්ගලයා කවුරුන්ද ලෙස අහන ලදී. පිලිතුර ඔහු චමල්  විය.  කවුදැයි අසන ලදී. ඔහු 
     මැද  සිටින්නාගෙන්  ඔබගේ නම කුමක්ද  ලෙස අහන ලදී. පිලිතුර මම පර්සි   විය.  ඔහු 
     දකුණු  පස සිටින්නාගෙන්  කුමන සගයා මැද සිටින්නේද  ලෙස අහන ලදී. පිලිතුර ඔහු  
     ජැක්සන් විය.  කුමාර වික්ෂිප්ත භාවයට පත්විය. මූලික ලෙස සමාන ප්‍රශ්න 03 ක් ඔහු අහන ලදී.   
    නමුත් ඔහුට විවිධ පිලිතුරු 3 ක් ලැබුනි. මින් කුමක් සත්‍ය නොවේද? 

     1. වම් පස විය හැක්කේ පර්සිය   2. මැද ජැක්සන්ය  3. දකුනෙහි චමල්ය   4. මැද චමල්ය.   
53. රෝහලක අධ්‍යක්ෂ , රෝහල් වාට්ටුවක් තුල නීරීක්ෂණයේදී , පහත දත්ත වාර්ථාව දකින ලදී.   
     කිසියම් දිනකදී , කන් පරීක්ෂාකීරීම් 45 , නාසය 50 , උගුර 70 , කන් සහ නාසය 30 , නාසය සහ  
     උගුර 20 , කණ සහ උගුර 30 , කණ , නාසය සහ උගුර 10 සහ මුළු රෝගීන් සංඛ්‍යාව 100 .  
     වාර්තාව ව්‍යාජ බව ඔහු නිගමනය කරන ලදී. ඔහු නිවැරදි වේද?

54 කණු දෙකක් අතර පරතරය මීටර් 50 කි. පැ.කි.මී. 48 ක වේගයෙන් ධාවනය වන දුම්රියක් 
      විනාඩියකදී කණු කීයක් පසු කර යන්නේද ?

55.  වෘත්තාකාර ජලාශයක මැද , අලංකාර දිය මානෙල් මලක් වැඩේ.  සෑම දිනකම මානෙල් මල  
       ප්‍රමාණයෙන් දෙගුන වේ. හරියටම දින 20 දී සම්පූර්ණ ජලාශයම මල් වලින් ආවරණය වන අතර,  
       ජලාශයෙන් අඩක් ආවරණය වීමට දින කීයක් ගත වන්නේද?

      එක්තරා සංකේත 10 ක් ඇත. ඒවායින් 06 ක් 1, 2, 3 ,4, 5 සහ 6 වශයෙන් වූ සංඛ්‍යා වේ. සංකේත  
      හතරක් A , B , C , D වශයෙන් වූ අක්ෂර වේ. මේ සියළු සංකේත එකම පේලියක අඩංගු වේ.

Ø  සංඛ්‍යා අවශ්‍යයෙන්ම ආරෝහණ හෝ අවරෝහණ ක්‍රමයටඅනුපිළිවෙලින් යුක්ත නොවේ. එහෙත් අක්ෂර වමේ සිට දකුණට ඉංග්‍රීසි හෝඩියේ අකුරු ඇති පිළිවෙලට සැකසී ඇත.
Ø  අක්ෂර දෙකක් එකිනෙකට යාව පිහිටා නොමැත.
Ø  මුලින්ම ඇති සංකේත වන්නේ අනුපිළිවෙලින් 4 සහ 6 යන සංඛ්‍යා වේ.
Ø  D  අක්ෂරය 1 සහ 3 අතර එකිනෙකට යාව පිහිටා ඇත.
Ø  2 යන සංඛ්‍යාව B සහ C අතර පිහිටා ඇත.

56.  අවසාන සංඛ්‍යාව 3 නම් එවිට ,
       අ)    B අක්ෂරය 1 ට යාව පිහිටා ඇත.  
      ආ)   C අක්ෂරය 2 සහ 3 අතර එකිනෙකට යාව පිහිටා ඇත.  
      ඇ)  D අක්ෂරය 4 ට යාව පිහිටා ඇත.                ඈ). C අක්ෂරය 1 ට යාව පිහිටා ඇත.

57. B අක්ෂරයට ආසන්න සංඛ්‍යාවල ඵෙක්‍යය වන්නේ,
a)     6                           (b) 4               (c) 10                         (d) 7

58.  (i)  A  අක්ෂරය 6 ට යාව තිබුනද 3 ට යාව පිහිටා  නොමැත.
       (ii) 5 සංඛ්‍යාව  A අක්ෂරයට යාව තිබුනද  C අක්ෂරයට යාව පිහිටා නොමැත. යන ඉහත  
            ප්‍රකාශවලින් නිවැරදි වන්නේ කුමන ප්‍රකාශයද ?

(a)  i පමණි  (b) ii පමණි  (c) I  සහ ii යන දෙකම  (d) i සහ  ii යන දෙකම නොවේ.

59.  ලැයිස්තුවේ ආසන්න වශයෙන් මැදින්ම පිහිටා ඇත්තේ ,
       (a)            A                     (b)       B                    (c)       C                    (d)       D

Comments

Post a Comment

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු