පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු


පරිපාලන සේවය..

පරිපාලන සේවා විභාගය පිලිබදව නවක උපාධිදාරීන්ට මෙන්ම රාජ්‍ය සේවයේ ඉන්න අයට අවබෝධයක් නැහැ.. මෙන්න ඒ පිලිබදව කරුණු ටිකක්..
ඉස්සර තිබ්බේ සිවිල් සේවය කියලා.. දිසාපති / උප දිසාපති වගේ තනතුරු.. නමුත් වර්ථමානයේදී මෙය හදුන්වන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවය කියලයි.. SLAS
එකතු කිරීමක් ..
ශ්‍රී ලංකා පරිපාලන සේවය
ශ්‍රී ලංකා පරිපාලන සේවයට අදාළව අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පනවනු ලබන සියලුම ප්‍රතිපත්ති ලේකම්තුමාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පරිපාලන සේවා ශාඛාව මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉතිහාසය
1796 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මුහුදු බඩ පළාත් බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු එම ප්‍රදේශවල පරිපාලන කටයුතු මදුරාසියේ සිට ක්‍රියාත්මක වූ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ (East India Company) නිලධාරින් වෙතින් සිදුවිය. එහිදි ඇති වු ප්‍රායෝගික ගැටළු මත 1802 වර්ෂයේදී පරිපාලන කටයුතු සඳහා නිලධාරින් පිරිසක් බ්‍රිතාන්‍යයෙන් මෙරටට පත් කරන ලදී.
එය මෙරට සිවිල් සේවාවේ ආරම්භ වු අතර පසුව මෙම සේවාව බ්‍රිතාන්‍ය සිවිල් සේවය පදනම් කර ගනිමින් 1833 දී ලංකා සිවිල් සේවය (Ceylon Civil Service-CCS) වශයෙන් නම් කරනු ලැබීය. එය 1963 වසරේදී එවකට පැවති ප්‍රාදේශිය ආදායම් පාලන නිලධාරි සේවයද ඇතුළත් වෙමින් ලංකා පරිපාලන සේවය (Ceylon Administrative Service-CAS) ලෙස නම් කරනු ලැබීය. පසුව 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවය (Sri Lanka Administrative Service-SLAS) ලෙස නම් කරනු ලැබ මෙරට ප්‍රමුඛතම සිවිල් සේවාව වශයෙන් ක්‍රියාත්මක වේ.

මෙම සේවාව පිලිබදව කරුණු හදාරන්න හොදම ලියවිල්ල තමයි සේවා ව්‍යවස්ථාව.. ලින්ක් එක පහල ඇති. රජයේ සමහර සේවාවන් සදහා විවෘත සහ සීමිත ලෙස බදවාගන්නා අතර තරග විභාගයක් සමත් වී සම්මුඛ පරීක්ෂණයට යා යුතුයි..
SLAS වලට ගන්නා විටත් විවෘත සහ සීමිත ලෙස පුරප්පාඩු පුරවයි.. විවෘත 75 % ක් සීමිත 20 % ක් සහ කුසලතා 5 % ක් ලෙස ගන්නේ..
සීමිත සහ කුසලතා විභාග රාජ්‍ය සේවයේ පලපුරුද්ද ඇති MN - 2 හෝ ඉහල වැටුප් පරිමාණ ඇති සතුටුදායක සේවා කාලය ඇති අයට වේ..

බොහෝ පිරිසක් ඉල්ලුම් කරන විවෘත විභාගය ගැන මම කියන්නම්..
UGC අනුමත විශ්ව විද්‍යාලයක් හෝ උපාධි පිරිනැමීම සදහා අනුමැතිය හිමි ආයතනයකින් ලබාදෙන මූලික උපාධිය සුදුසුකම වේ.. දැන් අහන්න එපා.. බාහිර උපාධි , විශේෂ උපාධි , NIBS විදේශ උපාධි වලංගුද කියලා..
විෂයයන් 05 ට පෙනී සිටිය යුතුය .. පහල වගුව බලන්න... වයස අවු 28 වඩා අඩුවිය යුතු අතර වාර 02 ක් ලිවිය හැක.
සීමිත විභාගය ලියන්න නම් උපාධියක් සහිතව වසර 05 ක පලපුරුද්දක් තිබිය යුතු අතර කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත් වී සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් තිබිය යුතුයි..
උපාධියක් නොමැති නම් වසර 10 ක සේවා කාලයක් තිබිය යුතු අතර MN -2 සහ ඊට ඉහල වැටුප් පරිමාණ ඇති අයට පමණක් පෙනී සිටිය හැක. PL - 1 , PL - 2 වැනි සුළු සේවක , කාර්යාල කාර්ය සහායක , රියදුරු වගේ අයට මෙන්ම , ගුරු සේවය , හෙද සේවය , අතුරු වෛද්‍ය සේවා , පොලීසිය , හමුදාව වගේ සේවාවන්ටත් සීමිත ලියන්න බැහැ. විෂයයන් පහත දක්වා ඇත. වාර 02 යි ලියන්න පුළුවන්.. වයස අවු 53 ට අඩු වෙන්න ඕන..
කුසලතා ධාරාව යනු රාජ්‍ය කළමනාකරන සහකාර සේවයේ අධි පන්තියේ (Supra) වසර 10 ක සේවා කාලයක් හෝ රාජ්‍ය කල. සහකාර සේවයේ පලමු පන්තියේ වසර 10 ක් සමග වසර 20 ක පලපුරුද්දක් පැවැතිය යුතු අතර වයස අවු 55 ට අඩු විය යුතුය.. විෂය නිර්දේශය පහත ඇත.
අවසාන කාර්යය තමයි මෙම කුමන විභාගය උවත් ඔබ කැපවීමෙන් , උනන්දුවෙන් වැඩ කලොත් පමණයි ජයක් ලැබෙන්නේ.. ඒ සදහා ස්වයං අධ්‍යයනය මෙන්ම විෂය නිර්දේශය පිලිබදව දැනුමක් ඇති පලපුරුදු ගුරුවරුන්ගේ මග පෙන්වීම අවශ්‍ය වේ..
‍මෙම විභාගය සදහා දේශපාලන බලපැමක් නොමැත.
ඔබට මෙය වැදගත් වූයේ නම් අදහසක් පලකරන්න.. ගැටළුවක් විමසන්න පුළුවන්.. ඒ වගෙම අනිත් අයගේ දැන ගැනීම සදහා share කරන්න. ඔබට ජය ..
ඕනෑම කරුණක් විමසන්න.. සුසන්ත කුමාර - 0775633818

සේවා ව්‍යවස්ථාව - http://www.pubad.gov.lk/…/stories/slas/Servic…/pg1884(s).pdf
‍සේවා ව්‍යවස්ථාව සංශෝධනය 2018 http://www.pubad.gov.lk/…/…/slas/Service_Minite/2095-09s.pdf

Comments

  1. විශ්ව ව්ද්‍යාල අවසන් වසර විභාග අවසන් කර එහි ප්‍රතිපල ලැබී ඇති විට පරිපාලන විභාගය ලිවිය හැකිද?( උපාධි ප්‍රදානෝත්සවයට පෙර)

    ReplyDelete
    Replies
    1. Effective date eka campus eken oyata dila tinawanm puluwan.upadi pradanothsawaya awashya ne hebei upadiya sampurna karala tiyenna ona paripalana exam gazzet karana date eka wena kota.campus wala final exam iwara wela eke result demmata passe masekin dekakin effective date notice karanwa upadiya sampurna ayage.ita passe campus eken letter ekaa denawa hemotama effective date eka dala.upadiya sampurna kara atha kiyala.e letter eka tibunama athi onama taraga vibagayakata illum karanna.

      Delete
  2. පරිපාලන සේවා වීභාග ලිවීම සදහා අවශ්‍ය අවම සුදුසුකම් මොනවද??

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් උපාධියක්.(සාමාන්‍ය /විශේෂවේදී හෝ පන්ති සාමාර්ථ ඇත හෝ නැත ගැටලුවක් නෑ. උපාධියක් පමනයි අවශ්‍ය.

      Delete
  3. පරිපාලන සේවා වීභාග ලිවීම සදහා අවශ්‍ය අවම සුදුසුකම් මොනවද??

    ReplyDelete
    Replies
    1. දිසාපති තනතුරට අවශ්‍ය සුදුසුකම් මොනවාද

      Delete
    2. පරි පාලන විභාය
      ලිවීමට අවශ්‍ය අවම සුදුසුකම කුමක්ද

      Delete
  4. Thank u so much. විවෘත විභාග සදහා නැවත 2021 වර්ශය සදහා අයදුම් කල හැක්කේ කුමන කාලය වන විටද

    ReplyDelete
  5. පරිපාලන විභාග වලින් සමත් වීමෙන් පසුව ඒ සම්බන්ධ රැකියා අවස්ථා මොනවාද යන්නත් දැනුවත් කරනවානම් ලොකු උදව්වක්

    ReplyDelete
    Replies
    1. සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුර.
      අමාත්‍යාංශ වල සහකාර ලේකම් තනතුර හා ඒ හා සමාන වෙනත් තනතුරු.

      Delete
  6. කවදද විභාග තියෙන්නේ .please mawa දැනුවත් karanna

    ReplyDelete
  7. පරිපාලන එක්සෑම් එකට එන විශයන් පහ මොනවද?

    ReplyDelete
  8. දිසාපති කෙනෙක් වෙන්න මොනවාද කරන්න ඕනෙ .

    ReplyDelete
  9. මෙම පරිපාලන විභාගය සමත් වීම සදහා විෂයයන් 5ට තිබිය යුතු උපරිම ලකුණු ප්‍රමාණය කොපමණද ?

    ReplyDelete
  10. පරිපාලනසේවා විභාගයට තියෙන විෂයන් මොනවාද, ඒවගෙමකොයිකාලෙද ගැසට් වෙනනේ,

    ReplyDelete
  11. පරිපාලන සේවා සීමිත විභාගය පැවැත්වීමට නියමිත කාලය කුමක් ද?

    ReplyDelete
  12. මම 2021පරිපාලන සීමිත විභාගයට application පිරෙව්වා. ඒකේ විවෘත විභාගය ලියපු වර්ෂය අහනවා 2004/2005/2006 වර්ෂවලින් විවෘත විභාගය applyකරන්න තිබුණේ කුමන වර්ෂයේද?

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. disapathi kenek wenna monawada karanna ona

    ReplyDelete
  15. පරිපාලන සේවා විභාගය o/ l ගණිතයට C සාමාර්ථ්‍යයක් ඕනද

    ReplyDelete
  16. Dan awama wayasa 28 nemei neda sir..dan 30 wenakan puluwan neda

    ReplyDelete
  17. මං university student කෙනෙක්.අපිට බැරිද දිසාපති තනතුරට apply කරන්න.තවම first year ඒත් ආසයි.පුළුවන්නම් detail දෙනවද.

    ReplyDelete
    Replies
    1. මටත් ඒක ගැන දැන ගන්න ඕනි

      Delete
    2. මටත් ඒක දැනගන්න ඕනේ.ආයේ 2021 පස්සේ කවදා වගේද ගැසට් කරන්නේ

      Delete
    3. මටත් ඒක දැනගන්න ඕනි මාත් university student kenek puluwannm kiyanna loku udauwak godak තොරතුරු hewwa meka gana hriyt answar ekk labune naha

      Delete
    4. මේ ගැන මටත් දැනගන්න ඕන

      Delete
  18. රාජ්‍ය පරිපාලන සේවා සීමිත විභාගය ගැසට් කරන්නේ කුමන කාලයකද

    ReplyDelete
  19. පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබුවත් රජ්‍ය පරිපාලන විභාගය ට අයදුම් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. බෑ හලො... පිලිගත් රජයෙ කැම්පස් එකක් වෙන්න ඕන

      Delete
    2. UGC approved නම් පුලුවන්

      Delete
  20. Para medical ayata liyanna berida?

    ReplyDelete
  21. පරිපාලන සේවය iii වන ශ්‍රේණිය කියන්නේ ග්‍රාම සේවකනේ?? ඒක නැතිව ඊලඟට ලියන්න ඕන මොන විභාග gazzet කලාමද? දිසාපති දක්වා යන්න නම්

    ReplyDelete
    Replies
    1. ග්‍රාම නිලධාරි සේවය වෙනයි. පරිපාලන සේවය වෙනයි. දිසාපති යන්න කලින් තනතුරු ගැන හරියට හොයල බලල ඉන්න

      Delete
  22. සේව ව්‍යවස්ථාව ගන්න තැනක් තියෙන්වද

    ReplyDelete
  23. පරිපාලන විභාගය සදහා විශ්ව විදයාල ශිෂ්‍යන්ට අයදුම් කල නොහැකිද.උපාදිය සම්පූර්න කරාට පසුවද අයදුම් කල හැක්කේ.අයදුම්පත් කැදෙව්වාට පසුව කොපමන කාලයකර පසුවද තරග විභාගය පවත්වන්නේ

    ReplyDelete
  24. දිසාපති තනතුරට අවශ්‍ය සුදුසුකම් මොනවාද

    ReplyDelete
  25. විෂයයන් 5 මොනවද

    ReplyDelete
  26. දිසාපති තනතුර සදහා සපුරාලිය යුතු අවශ්‍යතා මොනවාද ??

    ReplyDelete
    Replies
    1. මටත් දැනගන්න අවශ්ෂයි

      Delete
  27. ඔබ මෙය කෙසේ අර්ථකථනය කලත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට මෙම පරිපාලන සේවා විභාගය මගින් සිදුව ඇත්තේ බලවත් අසාධාරණයකි. ඒ කෙසේද යත් විවෘත විභාගයකින් 80% ක් බඳවා ගැනීම කිසිසේත්ම අනුමත කල නොහැකි ක්‍රියාවකි. විවෘත හා සීමිත විභාග දෙකෙන්ම 50% බැගින් ගත්තේ නම් එහි සාධාරණ බවක් ඇත. ඒසේම රාජ්‍ය සේවයේ නියුතු උපාධියක් නොමැති නිලධාරීන්ට සේවා කාලය වසර 10 ක් නියම කිරීමත් උපාධියක් ඇති අයට සේවා කාලය වසර 05 ක් ලෙස නියම කිරීමත් තවත් ඒක් ජුගුප්සාජනක වැඩකි. රාජ්‍ය සේවයේ ඉහල තනතුරු සඳහා බඳවා ගත යුත්තේ අත්දැකීම් සපිරි පළපුරුදු නිලධාරීන් වන අතර නවක උපාධිධාරීන්ට ඒම අත්දැකීම් නොමැත. පරිපාලන සේවය යනු මොන්ටිසෝරියට ළමුන් බඳවා ගන්නා තැනක්වත් දේශපාලන ගැතිකම් ඇති අයගේ ළමුන්ව බඳවා ගැනීමට වෙන්කර ඇති තැනක් නොවන අතර පළපුරුදු නිලධාරීන් වැඩිවශයෙන් බඳවා ගත යුතුතැනකි. ඒසේම සම්මුඛ පරීක්ෂනයේදී ලකුණු ලබාදීමද තවත් ප්‍රෝඩාවකි. දැනට ඇති. වැඩි විස්තර පසුවට.....
    .

    ReplyDelete
  28. Foreign UGC approved campus ekakin degree eka karamath apply krnna puluwan neda?

    ReplyDelete

Post a Comment