Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්
මව්පියන්
මාර්ක් සකර්බර්ග් උපත ලබන්නේ 1984 මැයි 14 වන දිනයේදීයි. ඔහුගේ පියා වන එඩ්වර්ඩ් සකර්බර්ග් දන්ත වෛද්‍යවරයෙකු වූ අතර, මව වන කැරන් සකර්බර්ග් මනෝ වෛද්‍යවරියකි.
මාර්ක් කුඩා විදීම පියාගේ පහසුව වෙනුවෙන් නිර්මාණය කල Zucknet
මාර්ක් සකර්බර්ග් තුල පරිඝනක ක්ෂේත්‍රය ගැන උනන්දුව ඇති වුනේ කුඩා අවධියේ ඉඳගෙනයි. ඔහු අවුරුදු 12 දී Zucknet නම් ජාලයක් සාදන ලදී. ඔහු එම ජාලය නිර්මාණය කලේ පියාට උපකාරයක් වශයෙනුයි. පියාව මුණ ගැසෙන්නට නව රෝගියෙක් පැමිණි විට පිළිගැනීමේ නිලධාරියා එය දැනුම් දිය යුතුව තිබුනේ කෑ ගසායි. මේ නව ජාලය නිසා ඒ බව ජාලය හරහා පහසුවෙන්ම දැනුම් දීමේ හැකියාව ලැබුණි. ඒ වගේම එමඟින් නිවසේ සාමාජිකයන්ට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාවත් ලැබිණි.

පරිඝනක ක්‍රීඩා නිර්මාණය
මාර්ක් සකර්බර්ග් කුඩා කාලයේදී සිටම පරිඝනක ක්‍රීඩා නිර්මාණය කරන්නට සමත් වී ඇත. ඔහුගේ මිතුරන්ට චිත්‍ර ඇඳීමේ මනා හැකියාවක් පැවතුනු අතර, ඔවුන් ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩාවේ ස්වභාවය චිත්‍රයට නඟා මාර්ක්ට ලබා දෙයි. ඉන් පසුව මාර්ක් විසින් පරිඝනක ක්‍රීඩා නිර්මාණය කර ඔවුන්ට ලබා දෙයි.
හැකියා වර්ධනය කර ගැනීමට දෙමව්පියන්ගෙන් ලැබුණු පිටුවහල
තම දරුවා තුල පරිඝනක ක්ෂේත්‍රය කෙරෙහි ඇති සුවිශේෂී ඇල්ම සහ දක්ෂතාවය හඳුනා ගන්නා මව්පිය යුවල මාර්ක්ට පරිඝනක ගුරුවරයෙකු නිවසට ගෙන්වා දෙනවා. ඔහු David Newman. ඔහු සතියකට වතාවක් මාර්ක්ගේ නිවසට පැමිණ මාර්ක් සමඟ වැඩ කර තිබෙනවා.

Synapse සංගීත මෘදුකාංගය
සංගීත මෘදුකාංගයක් වන Pandora මෘදුකාංගයේ මුල් පිටපත නිර්මාණය කරන්නට මාර්ක් සකර්බර්ග් සමත් වෙනවා. එකල එය නම් කරන ලද්දේ Synapse යනුවෙනුයි.
අධ්‍යාපනය නිම කිරීමටත් පෙර සිටම රැකියා අවස්ථා සඳහා ආරාධනාවන්
AOL සහ Microsoft යන ආයතන වලින් මාර්ක් අධ්‍යාපනය නිම කිරීමට පෙරම රැකියාවක් ලබා දීමට කැමැත්ත පළ කරනවා. නමුත් මාර්ක් එම අවස්තාවන් භාර ගන්නේ නැහැ.

Comments
Post a Comment