අධ්‍යාපන ධවල පත්‍රිකාව
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කොට සම්මත කරගනු ලැබූ නිදහස් අධ්‍යාපන පනතින් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් ඇතිකිරීම අරමුණු කොටගත් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා හෙවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.
එහෙත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1981 අගෝස්‌තු මාසයේ දීය. පවතින අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු කිරීමට හේතුවන මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා සිව්දෙසින් දැඩි විරෝධයක් එල්ල විය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක් මෙසේය.
පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.
බාලාංශ පංතිය අහෝසි කෙරේ.
පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.
ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක් පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.
එසේම අ.පො.ස. උසස් පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.
පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමටද අවසර දෙනු ඇත.
රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.
ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.
පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.
විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක් පමණි.
මෙවැනි යෝජනා රාශියකින් යුත් අධ්‍යාපන ධවල පත්‍රිකාවට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලින් මෙන්ම රටේ සෑම දෙසින්ම දැඩි විරෝධතා එල්ලවන්නට වූයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද කිහිපවරක්‌ම කල් දැමීමට අධ්‍යාපන ඇමැතිවරයාට සිදුවිය. මහාචාර්ය විශ්වා වර්ණපාල, මහාචාර්ය මැන්දිස් රෝහණධීර, මහාචාර්ය බන්දුසේන ගුණසේකර,නීල් ප්‍රැන්සිස්කු මහතා ඇතුළු ප්‍රවීණ අධ්‍යාපනඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් ද මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවේ අදාළ යෝජනා පිළිබඳව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කළහ.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් බෞද්ධ අධ්‍යාපනයට සිදුවන හානිය පෙන්වාදෙමින් මඩිහේ පඤ්Æසීහ මහ නාහිමියන්, බද්දේගම විමලවංශ අනුනායක හිමියන්, අකුරැටියේ අමරවංශ නායක හිමියන් වැනි සම්භාවනීය පැවිදි නායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්ද ගිහි බෞද්ධ නායකයකු වූ අධිනීතිඥ සිරි පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා බෞද්ධ සමිති නියෝජිත සභාව රටපුරා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියේ මේ පිළිබඳව ගිහි බෞද්ධ ජනතාව සහ භික්‍ෂුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහාය.
මේ හැර කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සංගමයද මෙම ධවල පත්‍රිකාව මගින් සිංහල භාෂාවට සහ බෞද්ධ අධ්‍යාපනයට සිදුවන විනාශය පැහැදිලි කරමින් දීර්ඝ ප්‍රකාශනයක් නිකුත් කොට තිබිණි.
එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටු කිරීමක් වශයෙන් යෑයි විපක්‍ෂ නායකයෝ පෙන්වා දුන්හ.
රජයේ පාසල්වලින් වැඩි ප්‍රමාණයක ඉංග්‍රීස s ඉගැන්වීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරුන් නොමැති වීම හා පහසුකම් නොතිබීම හේතුවෙන් (විශේෂයෙන් ගම්බද පාසල්වල) සිසුන්ගෙන් බහුතරයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්‌ථාවක් නොමැති තත්ත්වයක් තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම අධ්‍යාපනඥයන්ගේ හා දේශපාලන පක්‍ෂවල දැඩි විරෝධයට හේතු විය. ගම්බද දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට මේ නිසා උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්‌ථාව අහිමි වන බවත් උසස් අධ්‍යාපනය ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
එසේම ප්‍රධාන නගරවල තිබෙන සියලු පහසුකම් වලින් යුත් පාසල් ඒකීය පාසල් වශයෙන් හඳුන්වා, ඒවා පවත්වාගෙන යැම දෙමවුපියන්ට පැවැරීමට යැමෙන් දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට ඒවායේ දොර වැසී එම පාසල් ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවටද ඔවුහු චෝදනා කළහ.
පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට ඉඩදීම හා ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවීමට යැම හේතුවෙන් එම පාසල්ද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයිද මෙරට අධ්‍යාපනය හැසිරවීම පෞද්ගලික අංශය යටතට පත්වනු ඇතැයිද බොහෝ අධ්‍යාපනඥයන් පෙන්වා දී තිබිණි.
තවද ධවල පත්‍රිකාව මගින් යෝජිත තාක්‍ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීමෙන්, ඒවායේ අධ්‍යාපනය ලැබීමට දුප්පත් දරුවන්ට අවස්‌ථාව නොලැබෙන අතර ඒවාද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයි ද විද්වත්හු පෙන්වා දුන්හ.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ආරම්භ කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ක්‍රියාත්මක වුවහොත් මුළුමනින්ම විනාශ වී ගොස් අධ්‍යාපන පහසුකම් සියල්ල සුපිරි පන්තියට සීමාවන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, වෘත්තිය සමිති, මහජන සංවිධාන මෙයට විරුද්ධව රටපුරා විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්නට විය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක් ගත්තේය. ඒ අනුව 1982 ජනවාරි 6 දින මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් ආණ්‌ඩු පක්‍ෂයේ සෙසු මැති ඇමැතිවරුන්ගෙන් එයට යහපත් ප්‍රතිචාර නොලැබිණි. එදින පෙරවරුවේ පැවැති ආණ්‌ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමේදී කතා කළ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ට මෙම ධවල පත්‍රිකාවේ අඩංගු යෝජනා තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම කල් දමන්නැයි ඉල්ලා සිටියහ. ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා එම ඉල්ලීමට ඉඩදීම නිසා ධවල පත්‍රිකාව එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර එය 1982 ජනවාරි 21 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය විය.
ඒ අනුව යළිත් ජනවාරි 21 දා මෙම ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී රටපුරා පාසල්, විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාලවල සිසුන් පාරට බැස එයට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට වූහ.
.
.

Comments
Post a Comment