සිංගප්පූරු සංචාරය - ජනාධිපති


සිංගප්පූරු සංචාරය 

රාජ්‍ය නායකයාගේ විදේශ සංචාර පිලිබද තොරතුරු රැස් කරන්න...

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප‍්‍රධානීන්ගේ සමුළුවේ ප‍්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මැතිණිය අතර හමුව අද (24)පෙරවරුවේ සිදු විය.
සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සුහද කථා බහකට එක් විය. ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර වර්තමාන ශී‍්‍ර ලංකාව දේශපාලනසමාජ සහ ආර්ථික වශයෙන් මේ වන විට ඉදිරියට තබා ඇති වැදගත් පියවර පිළිබඳවද සිංගප්පූරු ජනාධිපතිනිය ජනාධිපතිවරයා වෙත සිය ප‍්‍රශංසාව පළ කළාය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනිම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළද සිංගප්පූරු ජනාධිපතිනියගේ ඇගැයීමට ලක් විය.

Comments

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු