ආර්ථික ස්ථාවරත්වය


ආර්ථික ස්ථාව­ර­ත්වය සඳහා ණය හා තැන්පතු පොලී 
අනු­පාත පහළට



වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සහ එක් දින පොලී අනුපාතික අඩු කිරීම සඳහා රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක්ම ගෙන තිබේ. එහෙත් බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ජනතාවට අවශ්‍ය මුදල් මුදා හැරීමේදී අධික පොලී අනුපාතයන් ඒ සදහා අය කරන බවත්, ඊට සාපේක්ෂව සිය බැංකු හා මූල්‍ය ආයතනයන්හී සිය ගනුදෙනුකරුවන් විසින් පවත්වා ගෙන යනු ලබන ඉතුරුම් තැන්පතු සඳහා ඉතා ඉහළ පොලී අනුපාත ලබා දෙන බවත් පසුගිය කාලය පුරා දකින්නට ලැබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ තත්ත්වය පිළිබදව දැඩි ලෙස සැලකිළිමත්ව ඒ පිළිබදව අවධානය යොමු කළ අතර එහි ප්‍රතිඵල ලෙස මනා ලෙස පාලනය කරන ලද උද්ධමනයක් හා උද්ධමන අපේක්ෂාවක් පවත්වා ගෙන යනු ලබන වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවේ මූර්ත පොලී අනුපාත කලාපයේ අනෙකුත් ආර්ථිකයන් හා සැසඳීමේ දී අධිකව පවතින බව නිරීක්ෂණයට ලක් විය.
බැංකු පොලී අනුපාත සම්බන්ධ මෙවැනි වාතාවරණයක් පවතිද්දී ණය මුදල් සඳහා අය කෙරෙන අධික බැංකු පොලී අනුපාතයන් හේතුවෙන් සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණදී ඇති ගැටලුවලට විසදුම් සෙවීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට රජය විසින් විශේෂිත කමිටුවක්ද පත් කරන ලදී.
එම කමිටුවේ නිර්දේශ ද දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇති අතර එම නිර්දේශ හා යෝජනා පිළිබදවද සැලකිලිමත් වෙමින් බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් ඉතුරුම් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන වෙතින් විශේෂ ඉල්ලීමක් කරන ලද අතර එමගින් මූල්‍ය අංශය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කඩිනම් කිරීමට සහ ඒ අනුව බලපත්‍රලාභී බැංකු විසින් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හා පොදුවේ ණය ලබා දීමේ දී අය කරන පොලී අනුපාත පහත හෙළීම මගින් මූර්ත ආර්ථිකය වෙත ණය ප්‍රවාහ ඉහළ නැංවීමට හැකි වෙතැයි අපේක්ෂාවට ලක් වී තිබේ.
එම ඉල්ලීමට අදාළ බලපත්‍රලාභී බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන දැනටමත් ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇතැයි පැවසෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රටේ තැන්පතු හා පොලී අනුපාත අතර පරතරය අඩු කිරීමට හැකියාවක් ලැබී ඇත.
බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් සිය ගනු දෙනු කරුවන්ගේ ඉතිරි කිරීමේ සහ මාස තුනට අඩු අනෙකුත් තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාත නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මත පදනම් වන අතර වඩා වැඩි කාල සීමාවකින් යුතු ඉතුරුම් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත දින 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාතය මත පදනම් වනු ඇත. කෙසේ වුවත් වයස අවුරුදු 18ට අඩු ළමයින් සඳහා ක්‍රියාත්මක වන ඉතිරි කිරීමේ ගිණුම් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් පවත්වා ගෙන යනු ලබන වසරකට හෝ ඊට වැඩි කාල සීමාවකින් යුතු ස්ථිර තැන්පතු සඳහා පදනම් අංක 50ක් (50 basis points)දක්වා අමතර පොලියක් ලබා දීමට බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතනවලට හැකියාව ලැබෙනු ඇත.
මීට අමතරව බැංකු නොවන මූල්‍ය ආයතන විසින් නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා ද උපරිම පොලී අනුපාත සීමා අදාළ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උපදෙස් ලබා දී ඇත.
මෙම ක්‍රියාමාර්ග ගත්තද තැන්පතුකරුවන් හට සැලකිය යුතු මූල්‍ය ප්‍රතිලාභයන් හිමි වන පරිදි තැන්පතු පොලී අනුපාත තරගකාරී ව පවත්වා ගෙන යාමට හැකියාවක් ලැබෙනු ඇතැයිද අපේක්ෂා වී තිබේ.
මෙලෙස ඉතුරුම් තැන්පතු පොලී අනුපාත පවත්වා ගෙන යන අතර එකී ක්‍රියාමාර්ග නිසා මූල්‍ය අංශය විසින් අරමුදල් වෙනුවෙන් දරනු ලබන අධික පිරිවැය අඩු වී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දෙන ණය සඳහා වන පොලී අනුපාත පදනම් අංක 200කින් (200 basis points) පමණ අඩු වෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව තක්සේරු කර තිබේ.
2018 නොවැම්බර් සහ 2019 මාර්තු යන කාල සීමාවන්හි දී පියවර දෙකක් යටතේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 250කින් (250 basis points) පහත හෙළන ලද අතර එමගින් මේ වන විටත් අරමුදල් සඳහා දැරිය යුතු පිරිවැය අඩු වී ඇත.
මෙරට තුළ මේ වන විට ක්‍රියාත්මක බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවලට සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සමස්ත ජනතාව අපේක්ෂා කරන ආකාරයටත් වඩා වැඩියෙන් ණය මුදල් නිකුත් කිරීම සදහා සදහා අවශ්‍ය අරමුදල් සපුරා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් මේ වැදගත් තීරණ හේතු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ජන­වා­රියේ අප­න­යන ආර්ථි­කය ඉහ­ළට


ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම පිණිස රටේ අපනයන නිෂ්පාදනය වැඩි කර ආනයන වියදම් අඩු කළ යුතුය යන්න ආර්ථික විශේෂඥයන් කාලයක් තිස්සේ පැවසූ කරුණකි. එහෙත් නිෂ්පාදන ආර්ථිකයක් අපට සකසාගන්නට නොහැකි වූවා මෙන්ම අපනයන වියදම්ද අධික ලෙස ඉහළ යෑම කාලාන්තරයක් තිස්සේම සිදු වෙමින් පැවතිණි. විශේෂයෙන්ම ඉන්ධන සඳහා මෙරට මුදල් බිලියන ගණනක් විදෙස් කරා ඇදී යෑම අපට වැළැක්විය නොහැකිය. එමෙන්ම වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන රථවාහන සඳහා -විශේෂයෙන්ම මෝටර් රථ, ජීප් රථ වැනි පෞද්ගලික රථ වාහන සඳහා- අධික වියදමක් විදේශ කරා ඇදී ගියේය. ඒ තත්ත්වය වැළැක්වීමට වසර කිහිපයක සිට ඒ සඳහා යොදාගත් ක්‍රමවේදය මේ වන විට සාර්ථක වී ඇත. ඒ පෞද්ගලික වාහන සඳහා අය කරනු ලබන බදු සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමයි.
මේ නිසා වසර ආරම්භයේදීම අපනයන ආර්ථිකය වැඩි වී, ආනයන ආර්ථිකය අඩුව තිබේ. මේ සඳහා බලපවත්වන ලද සියලු හේතු මොනවාදැයි යන්න ගැන අප අවධානය යොමු කළ යුතුය. වාහන ආනයනය සීමා කිරීමෙන් ආනයන වියදම් යම් පමණකට සීමා විය.
රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග නිසා මේ ඵලදායිතාව ළඟා කරගැන්මට හැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත.
විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1655.5 දක්වා අඩු විය. එය පසුගිය 2018 වසරේදී දැක්වුණේ ඇ.ඩො. මිලියන 2014.5ක් වශයෙනි. ඒ අනුව එය පෙර වසරට සාපේක්ෂව 17.8%ක අඩු වීමකි.
පසුගිය වසරේ සමස්ත ආනයන වියදම් ඇ.ඩො. මිලියන 22232.7ක් විය. මේ ලෙස ආනයන වියදම් අඩු කරගැන්මට හැකි වූයේ රථ වාහන ආනයනය අඩු වූ නිසා බවද මහ බැංකුව විසින් වාර්තා කර ඇත.
ඒ අනුව පසුගිය ජනවාරි මාසයේදී පෞද්ගලික මෝටර් රථ ආනයන වියදම ඇ.ඩො. මිලියන 49.5ක් දක්වා අඩු වී ඇත. 2018 වසරේ ජනවාරි මාසයේදී ඒ අගය දැක්වුණේ ඇ.ඩො. මිලියන 95ක් ලෙසිනි.
ඉන්ධන ආනයනය සඳහාද වැය කළ මුදල්ද 2018 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2019 වසරේ අඩු වී තිබේ. මෙරට ආර්ථිකය මෙලෙසින් සකස් කරගැනීමට හැකි වී ඇත්තේ දේශීයත්වයට මුල් තැන දී එළවුළු හා පලතුරු හැකි තාක් ආනයනය අඩු කිරීම නිසා බවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දෙයි.
ඉන්ධන ආනයනය සඳහා පසුගිය වසරේ වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 362ක් වූ නමුත් මේ වසරේ ජනවාරි මස ඒ සඳහා වැය කර ඇති මුදල් ඇ.ඩො. මිලියන 329කි.
එමෙන්ම අපනයන වියදම් වැඩි කරගැනීමට ජනවාරි මාසය තුළ අපට හැකියාව ලැබී ඇත. විශේෂයෙන්ම රන් හා පොහොර ආනයනයට පැනවුණු විවිධ සීමා හා දේශීය පොහොර සඳහා වන දිරි ගැන්වීම මත මේ ආනයන වියදම් අඩු කරගැන්මට හැකිව තිබේ.
අපට අපනයන ආදායම් වැඩි කරගෙන ඇති අයිතම දෙස බැලූ කල අපට පෙනී යන්නේ මෙරට ආර්ථිකය මෙරට නිෂ්පාදන හරහාම දියුණු කළ හැකි බවයි.
පසුගිය ජනවාරි මාසයේ අපනයන ආර්ථිකය වැඩි කරගැන්මට හැකියාව ලැබී ඇත්තේ විශේෂයෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන, මුහුදු ආහාර, එළවුළු හා සකස් කළ දුම්කොළ අපනයනයෙනි. එමෙන්ම රෙදිපිළි ඇඟලුම් නිෂ්පාදන මෙන්ම මෙරට නිෂ්පාදිත යන්ත්‍රසූත්‍ර අපනයනය නිසාද මේ අපනයන ආර්ථිකය ඉහළ නංවාගැනීමට හැකියාව ලැබී ඇත. එසේම ඛනිජ අපනයන ආර්ථිකයද ඉහළ ගිය අතර විශේෂයෙන්ම ලෝපස්, ලෝබොර හා අළු අපනයන ආදායම මේ වසර ආරම්භයේ සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
මීට අමතරව අපනයනයේදී මෙන්ම ආනයනයේදීද අපේ ආර්ථිකය ශක්තිමත් වීමට හැකියාව ලැබී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම නිසයි. 2018 වසර අවසානයේ ඩොලරය ඉහළ නැඟ තිබූ රුපියල් 182.75 ක අගය 2019 වසරේ ජනවාරි මාසය අවසාන වනවිට රුපියල් 179.88 දක්වා සියයට 1.6කින් අතිප්‍රමාණ විය. අප්‍රේල් මාසය වන ඒ අගය අතිප්‍රමාණ වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 174.65 දක්වා 4.6%කින් අතිප්‍රමාණ වීමෙනි. මේ අයුරින් රුපියලේ අගය ඉහළ යෑමද මේ ආර්ථිකය ශක්තිමත් කරගැන්මට අපට හැකියාව ලැබුණු අතර, විශේෂයෙන්ම සාම්ප්‍රදායික වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් අපේ අපනයන වෙළෙඳපොළ සදකස් කරගැන්මට හැකියාව ලැබීමද විශාල අභියෝග ජය ගැන්මක් විය.
යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, චීනය ඕස්ට්‍රේලියාව වැනි වෙළෙඳපොළද මේ අවස්ථාවේ අපට විවර වුණේ ඉන්දියාව වැනි අපේ සාම්ප්‍රදායික වෙළෙඳපොළට අමතරවය.
සංචාරක කර්මාන්තයෙන්ද මෙරට ආර්ථිකය ශක්තිමත් වූ අතර, 2019 ජනවාරි මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම 2018 වසරට වඩා 2.2%ක වර්ධනයක් පෙන්නුම් කර අතර 2018 ජනවාරි මාසයේදී සංචාරකයන් 238,924ක් මෙරටට පැමිණි අතර, ඒ සංඛ්‍යාව මේ වසරේ මුල් මාසයේදී 244,239ක් දක්වා ඉහළ ගියේය. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ රුසියාව විශේෂ ස්ථානයක තිබිණි. 2018 වසරේ සංචාරකයන්ගෙන් ලද ආදායම වූ ඇමෙරිකානු ඩොලර් 448ක ආදායම මේ වසර ආරම්භක මාසයේදී ඇමරිකන් ඩොලර් 458 දක්වා ඉහළ ගියේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය තුළ සංචාරක ආදායම ඉහළ මට්ටමකින් බලාපොරොත්තු විය නොහැකි අතර, අපනයන ආර්ථිකයම ඉහළ නංවාගැනීමට බොහෝ විට සිදු විය හැකිය.
(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව) 

Comments

  1. 2021 us masters odds - VNOPbet dafabet dafabet jeetwin jeetwin 1645Lucky Shark ncaab ᐈ Bonus + Free Spins + Review

    ReplyDelete
  2. NJ casinos offering $1B No Deposit Bonus - JTM Hub
    New Jersey 안산 출장마사지 casinos are offering $1B 동두천 출장안마 no deposit bonus Players can also claim 순천 출장안마 free spins in 2021, when 통영 출장샵 the offer is available for both the regular 경기도 출장마사지

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු