කාලීන දැනුම 2018 අනුමාන ප්‍රශ්න සහ පිලිතුරු


2018 කාලීන දැනුම 2  - G. Susantha Kumara

1.     2018 ආසියානු ක්‍රීඩා උළෙල පැවති රට කුමක්ද ? - ඉන්දුනීසියා ජකර්තා
2.     ඕස්ට්‍රේලියානු නව අගමැති කවුද ? - ස්කොට් මොරිසන්
3.     කොලොම්බියාවේ නව ජනාධිපති කවුද ? අයිවන් ඩුකේ
4.     ක්‍රොඒසියා ජනාධිපතිනිය කවුද?  ගාබර් කිටාරොවික්
5.     පාසල් වල ස්මාර්ට් දුරකථන තහනම් කරන රට කුමක්ද ? ප්‍රංශය
6.     2018 G20 සමුළුව පැවති රට කුමක්ද ? ආර්ජන්ටිනාව - Buenos Aires
7.     නිදහස ලබා වසර 50 ට පසු නම වෙනස් වූ රට සහ නව නාමය කුමක්ද ?
ස්වාසිලන්තය / ඊස්වාට්නි
8.     කියුබාවේ නව ජනාධිපති කවුද? මිගෙල් ඩයස් කැනල් - Miguel diaz canel
9.     වසර 25 ට පසු ජපානයේ ඇතිවූ දරුණු සුලි කුණාටුව කුමක්ද ? ජෙබී
10.  දිවියෙන් සමුගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කවුද ? කොපී අන්නන්
11. බ්‍රසීලයේ නව ජනාධිපති කවුද ? Jair Bolsonaro
12.  අත් අඩංගුවට පත් මැලේසියාවේ හිටපු අගමැති කවුද? නජිබ් රසාක්
13.  මාල දිවයිනේ නව ජනාධිපති කවුද? ඊබ්‍රහිම් මොහමඩ් සෝලි
14.  වෛද්‍ය විද්‍යාව සදහා 2018 වසර නොබෙල් ත්‍යාගය ලබාගත්තේ කවුරුන්ද? James p. Allison , Tasuku honjo
15.  පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කවුද ? පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්
16.  වසර 05 ට පසු ජයග්‍රහනයේ මාවතට පැමිනි ප්‍රකට ගෝල්ප් ශූරයා කවුද ? ටයිගර් වුඩ්
17.  මියන්මාර නායීකා අවුන් සාන් සුකීට ලබාදුන් සම්මානනීය පුරවැසිභාවය ඉවත් කල රට? කැනඩාව
18.  පසුගියදා මිය ගිය වියට්නාම ජනාධිපති කවුද? ට්‍රාන් ද්වායි ක්වං
19. 2018 වසරේදී මිය ගිය ඉන්දීය හිටපු අගමැති කවුද? අතල් බිහාර් වජ්ජායි
20. පෝර්බ්ස් සගරාවට අනුව 2018 වසරේ ලොව ධනවත්ම පුද්ගලයා කවුද? ජෙප් බේසොස්
21. බ්‍රිතාන්‍ය , යූරෝපා සංගමයෙන් නිල වශයෙන් වෙන් වන දිනය කවදාද? 2019 මාර්තු 29
22. 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුථව පැවති රට කුමක්ද ? එංගලන්තය - ලන්ඩන්
23. 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවති නගරය සහ රට කුමක්ද ? ගෝල්ඩ් කොස්ට් ඕස්ට්‍රේලියාව
24. ගැබ් ගෙල පිලිකා වැලක්වීම සදහා පාසල් දැරියන්ට හදුන්වාදුන් එන්නත කුමක්ද ? HPV
25. කංසා භාවිතය නීතිගත කල ලොව දෙවැනි රට කුමක්ද ? කැනඩාව
26. මෙක්සිකෝවේ නව ජනාධිපතිවරයා කවුද? Andres Manuel Lopes obrador
27. 2018 ලෝක රූ රැජින කවුද ? කුමන රටේද?  Vanessa Ponce
28. 2018 විශ්ව රූ රැජින කවුද ? කුමන රටේද?  Catriona Gray පිලිපීනය
29. පසුගියදා මිය ගිය මයික්‍රෝසොප්ට් සමාගමේ සම නිර්මාතෘ කවුද? පෝල් ඇලන්
30. 2018 නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේ කවුරුන්ද? නාඩියා මුරාඩි / ඩෙනිස් මුක්වේසා
31. වසර 55 ට පසු භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය දිනාගත් කාන්තාව කවුද?
Donna strickland
32. තුර්කියේ නව ජනාධිපති කවුද? Recep Tayyip Erdoğan
33. ඉකොනොමික් ඉන්ටලිජන්ස් යුනිට් (EIU) වාර්ෂික වාර්තාවට අනුව 2018 වසර ලොව ජීවත් වීමට සුදුසුම නගරය කුමක්ද? ඔස්ට්‍රියාවේ වියානා
34. 2018 වර්ෂයේ APEC සමුළුව පැවැති රට කුමක්ද ? පැපුවා නිව් ගිනියා
35. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ජපාන ගෝනී බිල්ලාගේ නම කුමක්ද ? නමහාගේ
36. යුරෝපා සංගමය මගින් ලබාදෙන GSP + සහනය හිමි අනෙකුත් ආසියාතික රටවල් මොනවාද? පකිස්ථානය සහ පිලිපීනය
37. පසුගියදා මිය ගිය ඇමරිකාවේ හිටපු ජනාධිපති සහ ඔහුගේ භාර්යාව කවුද? ජෝර්ජ් එච්. ඩබ්.බුෂ් / බාබරා බුෂ්
38. ලෝකයේ ධනවත්ම කාන්තාව කවුද? Alice Wolton
39. තිරසර සංවර්ධන ඉලක්ක 17 හි අධ්‍යාපනය සම්බන්ධ ඉලක්කය කුමක්ද? Quality Education
40.  උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඔස්සේ තෝරා ගත හැකි විෂයන් ප්‍රමාණය කීයද? 26
41. ටයිම්ස් සගරාව මගින් නම් කරන ලද ලෝකයේ බලවත්ම පිරිමි / කාන්තා ලැයිස්තුවට ඇතුලත් වූ එකම බොලිවුඩ් තාරකාව කවුද? දීපිකා පදුකොනේ
42. දකුණු අප්‍රිකාවේ නව ජනාධිපති කවුද? සිරිල් රාම්පොසා
43. ලොව පලමු ඩොලර් ට්‍රිලියන සමාගම කුමක්ද? ඇපල්
44. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය නැංවීමට ආධාර කරන ජපන් ආයතනය කුමක්ද? JICA
45. 2018 වසර ලොව සාක්ෂරතාවය අඩුම රට කුමක්ද? දකුණු සුඩානය
46. මුස්ලිම් මූලධර්මවාදින් විසින් මරන දඩුවම පනවන ලද ලජ්ජා නවකථාවේ කතුවරිය කවුද? තස්ලිමා නස්රින්
47. පසුගියදා හදිසි නීතිය ඉවත් කරන ලද රට කුමක්ද? තුර්කිය
48. ලෝක දියවැඩියා දිනය කවදාද? නොවැම්බර් 14
49. පසුගියදා ගබ්සා තහනම ඉවත් කරන ලද රට කුමක්ද? අයර්ලන්තය
50. දිවියෙන් සමුගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත මහාචාර්යවරිය කවුද? අමරා රණතුංග
51. 2018 වසරේදී පත්වූ නව මානව හිමිකම් කොමසාරිස් කවුද? මිචෙල් බැචලේ
52. සාමයට අත වැනීම සදහා රටවල් දෙකක වේලාව සමාන කරන ලදී. එම රටවල් 02 කුමක්ද? දකුණු කොරියාව සහ උතුරු කොරියාව
53. සහන මරනයක් ලෙස දිවි නසා ගැනීමට අවසර ලැබූ 104 වියැති ඕස්ට්‍රේලියා විද්‍යාඥයා කවුද?
      ඩේවිඩ් ගුඩොල්
54. ඩොලරය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති රට කුමක්ද? වෙනිසියුලාව
55. ලොව ප්‍රධාන නගර අතුරින් කාන්තාවන්ට අනතුරුදායකම නගරය කුමක්ද? කයිරෝ - ඊජිප්තු
56. 2018 යොවුන් ඔලිම්පික් තරගාවලියේදි මලල ක්‍රීඩා අංශයෙන් ලෝකඩ පදක්කම දිනුවේ කවුද? පාරමි වසන්ති මාරිස්ටෙලා
57. ලොව උසම පිළිමය ඉන්දියාවේ ඉදිකරන ලද අතර , එය කුමන පුද්ගලයා සිහිකිරීම වෙනුවෙන්ද? සර්දාර් පටෙල්
58.  2018 වසරේ මෑන් බුකර් සම්මානය හිමිවූ කෘතිය සහ කතුවරයා කවුද?
මිල්ක් මෑන් - ඇනා බර්න්ස්
59. 2018 වසරේ ස්වර්ණ පුස්ථක සම්මානය ලද කෘතිය කුමක්ද? අප්පච්චි ඇවිත්
60.  19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරවා හැරිය හැක්කේ වසර කීයකින් පසුවද? 4 ½
61. 2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවෙන් තුරන් කරන ලද රෝගය කුමක්ද? රුබෙල්ලා
62. 2018 වර්ෂයේ ශීත ඔලිම්පික් උළෙල පැවති රට කුමක්ද? දකුණු කොරියාව
63. 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ කී වැනි සැසිවාරය පැවැත්වූයේද? 73
64. 2020 වසරේදී රට වැසියන්ට නොමිලයේ පොදු ප්‍රවාහන සේවා ලබාදීමට නියමිත රට කුමක්ද? ලක්සම්බර්ග්
65. 2018 රාමන් මැග්ෂෙසේ සම්මානයෙන් පුද ලද ඉන්දීය ජාතිකයින් දෙදෙනා කවුද?
Bharat vatwani , Sonam Wangchuck
66.  පාසල් සිසුන් සදහා සුරක්ෂා රක්ෂණ ආවරණය තුලින් ලබාගත හැකි ඉහළම වන්දි මුදල කීයද? රු 200,000.00
67. මගීන් විශාල සංඛ්‍යාවක් මිය ගිය ගුවන් අනතුරට ලක්වූ ඉන්දුනීසියානු ගුවන් යානය අයත් සමාගම කුමක්ද? ලයන් එයාර්
68.  සෝවියට් රුසියාවේ ක්‍රියාත්මක ඔත්තු සේවාව කුමක්ද ? KGB
69.  ශ්‍රී ලංකාවේ පලමු ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කල දිනය කුමක්ද? 1802 මාර්තු 15
70. කෘෂී උපදේශන සේවය සදහා ඇති කෙටි දුරකථන අංකය කුමක්ද? 1920
71. සේනා දළඹුවා හානි කරන බෝගයන් අතර ප්‍රධාන බෝගය කුමක්ද? බඩ ඉරිගු
72. 2018 වර්ෂයේ G20 සමුළුව පැවැති රට කුමක්ද ? ආර්ජන්ටිනාව
73. 2018 වර්ෂයේ බිම්ස්ටෙක් සමුළුව පැවැති රට කුමක්ද ? නේපාලය
74. 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනාගත් රට කුමක්ද? Australia
75. 2018 මොටෝ ග්‍රෝන් ප්‍රී මෝටර් සයිකල් ශූරතාවය දිනා ගත්තේ කවුරුන්ද? මාර්ක් මාර්කෙස්
76. මුහුදට ඝණ අපද්‍රව්‍ය දමන රටවල් 20 අතර ශ්‍රී ලංකාව කීවෙනි ස්ථානයද? 5
77. ලොව ලෝක උරුම වැඩිම සංඛ්‍යාවක් ඇති රට කුමක්ද? ඉතාලිය
78.  2015 ප්‍රංශයේ පැරිස් නුවරදී අත්සන් කරන ලද පැරිස් සමුළුවෙන් මෑතකදී ඉවත් වූ රට කුමක්ද? ඇමරිකාව
79. 2018 වර්ෂයේදී සීතල යුද්ධයෙන් පසුව රුසියාව සිදු කරන ලද විශාලතම යුධ අභ්‍යාසය කුමක්ද? VOStok- 2018
80. රයගු ඇස්ටරොයිඩය වෙත උපකරණ යවන ලද ජපන් අභ්‍යාවකාශ යානය කුමක්ද ? හයබුසා 2
81. 2017 මහ බැංකු වාර්ථාවට අනුව අධ්‍යාපනය සදහා ද.දේ.නිෂ්පාදනයෙන් වෙන් කර ඇති වියදම? 1.9
82. ලොව ප්‍රධාන ණය ශ්‍රේණිගත සමාගම් 03 ක් නම් කරන්න. Moody's Investors Service 
Standard & Poor's (S&P)  , Fitch Ratings
83. YouTube නාලිකාවක වැඩිම ආදායම් ලාභියා බවට පත්ව ඇති අවුරුදු 07 ක දරුවා කවුද? Ryan
84. ඉවුම් පිහුම් සමග අන්තර්ජාලය හරහා ලොවම හදුනන පසුගියදා මිය ගිය ඉන්දීය කාන්තාව කවුද?
Granny Mastanamma
85. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සදහා ආධාර ලබාදෙන ඉරාන බැංකුව කුමක්ද? EDBI
86. වයඹ පළාත් පුෂ්පය කුමක්ද? ඇට්ටේරියා
87. මුහුද මතින් ඉදිවූ ලොව දිගම මාර්ගය කුමක්ද? Hong Kong - Zhuhai
88. නැවත වතාවක් බලයට පත්වූ පින්ලන්ත ජනාධිපතිවරයා කවුද? සවුලි නිනෙස්ටෝ
89. පළමු වතාවට වැට් බදු ක්‍රමය හදුන්වාදුන් ගල්ප් කලාපීය රටවල් දෙක කුමක්ද? සවුදි අරාබිය සහ UAE
90. පෘතුවියේ සිට සූර්යයාට ඇති දුර කොපමනද? කිලෝ මීටර් මිලියන 149.6
91. 2018 වර්ෂයේදී UNESCO සංවිධානයෙන් ඉවත් වූ රට කුමක්ද? ඊශ්‍රායලය - ISrael
92. දල දේශීය නිෂ්පාදනය අනුව ලොව ධනවත්ම රට කුමක්ද? කටාර්
93. චීනයේ ස්වයං පාලන ප්‍රදේශ 02 කුමක්ද? හොංකොං සහ මැකාවෝ
94. තායිලන්ත මුදල් ඒකකය කුමක්ද? බාත්
95. තායිලන්තයේ යොවුන් පාපන්දු කණ්ඩායමක් සිරවූ ලෙන කුමක්ද?  
තාම් ලුවං නාන් නොන් Tham Luang Nang Non
96. පසුගියදා පුපුරා ගිය ඉන්දුනීසියානු ගිනි කන්ද කුමක්ද?  ක්‍රැකටෝ
97. 2018 විම්බිල්ඩන් පිරිමි කේවල ශූරයා කවුද? රපයාල් නඩාල්
98.  2018 ආසියානු කුසලානය දිනාගත් රට කුමක්ද? ඉන්දියාව
99.  නව විගණන පනත බලාත්මක වූ දිනය කුමක්ද? 2018 අගෝස්තු 01
100.  ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කවුද? ජේ.ආර්. ජයවර්ධන




අපගේ නවතම පංති 
ඕසිස් - මහරගම - මැයි 26
Ringswood – Matara - මැයි 25
නිසක්මා - කුරුනෑගල
සැන්සිප් - ගාල්ල - මැයි 13
ගුරුකුල - කිරිබත්ගොඩ මැයි 09
ඕසෝන් කළුතර මැයි 11

විමසන්න - 0775633818 / 0714900004


Comments

Post a Comment

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු