ක්‍රම සම්පාදන සේවය - විවෘත විභාගය 2018

ක්‍රම සම්පාදන සේවය - විවෘත 2018 - සාමාන්‍ය සම්ප්‍රජාණනය ප්‍රශ්න පත්‍රය


සාමාන්‍ය සම්ප්‍රජානනය මුල් ප්‍රශ්න 20 ( 2× 20 = 40 )
1. වත්මනෙහි ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව අයත් වන අමාත්‍යාංශය කුමක්ද ?
2)
රජයේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන කුමක්ද ?
3)
ශ්‍රී ලංකාවේ වර්තමාන ජනගහනය කොපමණද ?
4)
ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටරයකට වැඩිම ජන ඝනත්වයක් ඇති ප්‍රදේශය කුමක්ද ?
5)
ශ්‍රී ලංකාවේ සිටින සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව කොපමණද ?
6) 2017
දෙසැම්බර් මාසයේ වාර්තා වූ නිල දරිද්‍රතා මට්ටම කොපමණද ?
7)
ප්‍රථම මහ බැංකු අධිපති කවුරුන්ද ?
8)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ නිල සභාපතිවරයා කවුරුන්ද ?
9)
රුපියල් හා ශත භාවිතය ආරම්භ වූ වසර කුමක්ද ?
10)
ට්‍රිලියනයකට ඇති බිංදු සංඛ්‍යාව කොපමණද ?
11)
ශ්‍රී ලංකාවේ ලෝක උරුම ස්ථාන සංඛ්‍යාව කොපමණද ?
12)
ශ්‍රී ලංකාවේ පැරණිතම හින්දු දේවාලය කුමක්ද ?
13) 2017
වසරේ මෙරට පරිගණක සාක්ෂරතාව කොපමණද ?
14)
තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා කටයුතු කරන ආයතනය කුමක්ද ?
15)
ඉන්දියානු ආණ්ඩුවේ ආධාර සහිතව ත්‍ර්‍යි භාෂා පාසල පිහිටුවන්නේ කොහිද ?
16)
සුවසැරිය ගිලන්‍ රථ සේවය සදහා වූ අංකය කුමක්ද ?
17)
මාතෘභූමියට ඉටු කරන සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රදානය කරන උසස්ම ගෞරව සම්මානය කුමක්ද ?
18)
උසස්ම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ලාංකික දමිළ නායකයා කවුද ?
19) NVQ
සහතිකය ප්‍රධානය කරන අමාත්‍යාංශය කුමක්ද ?
20)
වාර්ෂිකව මෙරට ශ්‍රම සේවයට එකතු වන නුපුහුණු ශ්‍රමික සංඛ්‍යාව කොපමණද ?
21)
ඩෙංගු රෝගය මැඩලීමට ලංකාවට උපකාරී වන ඕස්ටේලියානු විශ්වවිද්‍යාලය කුමක්ද ?
22)
සෞඛ්‍යය පිළිබඳ ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්වචනය කුමක්ද ?
23)
බයිලා සංගීතය ශ්‍රී ලංකාවට ගෙනා විදේශිකයන් කවුරුන්ද ?
24)
ශ්‍රී ලංකාවට ඇළ මාර්ග ප්‍රවාහනය හදුන්වා දුන්නේ කවුරුන්ද ?
25)
ශ්‍රීමත් ආතර් ශ්‍රී ක්ලාක් අනුස්මරණය සදහා පිහිට වූ ආයතනය කුමක්ද ?
26)
ඔහු විසින් චන්දිකා සන්නිවේදනය පිලිබඳ අදහස ඉදිරිපත් කළ වසර කුමක්ද ?
27)
දෙමළ භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව වූයේ කවදාද ?
28)
ශ්‍රී ලංකාවේ ගී කියන මසුන් සිටින ප්‍රදේශය කුමක්ද ?
29)
ශ්‍රී ලංකාවේ පැරණිතම අපනයන බෝගය කුමක්ද ?
30)
පැරණි සේද මාවතට අයත් ලංකාවේ වරාය කුමක්ද ?
31)
ගම්සභා ක්‍රමය ඇති කළ රජු කවුරුන්ද ?
32)
ඉතිහාසයේ සදහන් පරිදි ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම දේශටකයා කවුරුන්ද ?
33)
ස්වභාවධර්මය ජයග්‍රහණය කළ යුතුය යන්න තේමා කරගත් ශිෂ්ටාචාරය කුමක්ද ?
34)
යුරෝපයේ ක්‍රි ව 1450- 1600 අතර කලාකරුවන් , විද්වතුන් , ශාස්ත්‍රවේදීන් විශාල ප්‍රමාණයක් බිහි වූ කාල වකවානුව හදුන්වන නම කුමක්ද ?
35)
වර්තමානයේ යුරෝපා සංගමයේ සාමාජික සංඛ්‍යාව කොපමණද ?
36) Bretxit
දිනය කවදාද ?
37)
සෑම වසරකම ජනවාරි මස ලෝක නායකයන් රැස් වන යුරෝපීය නගරය කුමක්ද ?
38)
එලෙස රැස් වී පවත්වන සමුළුව කුමක්ද ?
39)
මිසයිල මිනිසා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා කවුද ?
40 )
මෑත කාලයේදී මතභේදයට තුඩු දුන් ඉන්දියානු චිත්‍රපටය කුමක්ද ?



41. දළ ජාතික සංතුෂ්ටිය දැක්ම ඇති රට?
42.
බංගලාදේශයේ දුප්පතුන්ගේ බැංකුකරුවා යනු කුමක් ද?
43.
ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය පිහිටි රට?
44.
ක්ෂුද්‍ර ජලබිංදු වාරි ක්‍රමය සොයාගත් රට?
45.
සෞදියේ පුරවැසිලාභය ලද රොබෝවරියගේ නම?
46.
කුඩා රොකටයක ආධා‍රයෙන් නැනෝ චන්ද්‍රිකාවක් ගුවන් ගත කළ ආසියානු රට?
47.
පරිසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ නම?
48.
දෙවැනි ලෝක සංග්‍රාමය නිමා වූ වසර?
49.
නයිජීරියාවේ ප්‍රධානම ත්‍රස්ත සංවිධානය?
50. UNDP
අනුව 1990 මානව සංවර්ධන දර්ශකයට ඇතුළත් කළ දර්ශකයක්?
51.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපය ගොඩ නැංවීමට සකස් කළ ක්‍රම  
  සම්පාදන සැලැස්මේ  නම?
52.
බතික් කලාවේ ආරම්භය සිදු වූ රට?
53.
ත්‍රස්තවාදය ඇති වීමට හේතුවක් සඳහන් කරන්න?
54.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සංඛ්‍යාව?
55.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික ආසියානු රට?
56.
ජපන් මල්සැකසීමේ සාම්ප්‍රදායික නම?
57.
පැරැණි ලෝකයේ නවෝත්පාදක බිහි කිරීමේ ප්‍රමුඛ රට?
58.
නවෝත්පාදක 1000කට ව‍ඩා සොයාගත් විද්‍යාඥයා?
59.
ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සුරැකීමේ රාජ්‍ය නොවන සංවිධානය?
60.
ජාත්‍යන්තර අධිකරණය පිහිටි නගරය?
61.
එක්සත් ජාතීන්ගේ තිරසර ඉලක්ක සංඛ්‍යාව කොපමණ ද?
62.
ඩීසල් වාහන භාවිතයෙන් ඉවත් කිරීමට නියමිත ‍යුරෝපා රට?
63.
විද්‍යා සහ සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ නම?
64.
යෝග්‍යතමයා ඉතිරි වේ යැයි ප්‍රකාශ කළ විද්‍යාඥයා කවුරුන් ද?
65.
න්‍යෂ්ටික අවි නවීකරණයට ට්‍රිලියනයක් වැය කිරීමට සුදාවම්වන රට?
66.
වඳවීමට තුඩු දුන් සතුන් සහ සත්ත්වයන් ඇතුළත් පොත?
67.
මරියානා අගාධයේ ඇති විශේෂත්වය?
68.
අල් ජසීරා මාධ්‍යය අයත් රට?
69.
මානව සංවර්ධන දර්ශකයේ එක් සංරචකයක්?
70. COP21
යන්නේ අදහස?
71.
එක්සත් ජාතීන්, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව සම්බාධක පනවා ඇති රට?
72. Greean  peace
ව්‍යාපාරයේ අරමුණ?
73. Overwork
සංස්කෘතියක් ඇති රට?
74.
මෙවර සීත සෘතු ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දැරූ රට?
75. 2030
දී අඟහරු වෙත මිනිසුන් යැවීමට සූදානම්වන රට?
76.
ලෝකයේ සාමකාමී ම රට?
77.
මාලදිවයිනේ නිල භාෂාව?
78.
මාලදිවයින් භාවිත වන ඒකකයේ ඇ.ඩො වටිනාකම?
79.
ආසියාවේ Future Oriented ර‍ට?
80.
අඟහරු ලෝකයේ ජීවය පිළිබඳ අත්හදා බැලීම් කරන ලද මැදපෙරදිග කාන්තාර ප්‍රදේශය?
81.
ඇමෙරිකාවේ සිලිකන් නිම්න ප්‍රදේශයේ විශේෂත්වය?
82.
ශ්‍රී ලංකාවේ ඒකාබද්ධතාවය නැංවීම සඳහා අංශ 05ක් යෝජනා කරන්න
83.
එම යෝජනා ඒකාබද්ධතාවය නැංවීමට උපයෝගී කරගන්නා ආකාරය විස්තර කරන්න
                                 
     G Susantha Kumara -0775633818
අපගේ පාඨමාලා - ඕසිස් මහරගම , Ringswood - Matara  Gurukula - Kiribathgoda





Comments

Popular posts from this blog

පරිපාලන සේවා විභාගය පිලිබද තොරතුරු